ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව අතුරු අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කළ දත්ත පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.
යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන ගැබිනි මව්වරුන් පිළිබඳව ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන පිළිබඳව අයවැය සකස් කිරීමේදී අවධානය යොමුව නොමැති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
රටේ ජනතාවගෙන් බහුතරයක් පීඩාවට පත්ව, අසරණභාවයට පත්ව සිටින වකවානුවක ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් සහන ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද එම අපේක්ෂාව බොඳ වී ඇති බවත්, ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණළුත් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
UN