කඳුළු ගෑස් සංග්‍රහයෙන් පසු 25 ක් පොලිස් අත්අඩංගුවට !

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද කොළඹදී පැවති විරෝධතා පාගමනට සහභාගි වූ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන සඳහා විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක සාමාජිකයන් එක්විය.

පිරිස පාගමනින් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසලට පැමිණෙද්දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.

කඳුළු ගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර යළිත් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පොලීසියෙන් ඊට බාධා එල්ල විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් අරගලකරුවන් නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...