කඳුළු ගෑස් සංග්‍රහයෙන් පසු 25 ක් පොලිස් අත්අඩංගුවට !

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද කොළඹදී පැවති විරෝධතා පාගමනට සහභාගි වූ පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන සඳහා විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක සාමාජිකයන් එක්විය.

පිරිස පාගමනින් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසලට පැමිණෙද්දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.

කඳුළු ගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර යළිත් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පොලීසියෙන් ඊට බාධා එල්ල විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් අරගලකරුවන් නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...