පොලීසියට අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීම සඳහා අවසර ලැබී ඇති බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි.
“අපිට අවශ්ය මානව සම්පත් අවශ්ය ප්රමාණයට නැතිකම, නිලධාරීන්ට අවශ්ය ප්රමාණවත් යටිතල පහසුකම් ප්රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිතුමාට, අමාත්යතුමාට දැනුම්දුන්නාට පස්සේ මානව සම්පත් වැඩි කරන්න අපිට 10,000ක් බඳවා ගන්න අවසරයක් ලැබුණා. මොකද අපි බඳවා ගත්තේ නැත්නම් ඒ එක්කම වයස්ගතව සහ වෙනත් කටයුතු නිසා බැහැරවන සංඛ්යාව අවුරුද්දකට දෙදාස් ගාණක් වෙනවා. ඒ අනුව අද වන විට 38,000ක වගේ අත්යවශ්ය නිලධාරීන් සංඛ්යාවක් අඩුවෙන් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ”
පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ඌව පළාත් නියෝජ්ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (29) එක්වෙමිනි.


