“යුක්තිය ඉෂ්ඨ වෙනවා මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ.ඒක මේ ආණ්ඩුවේ ස්වරූපය නෙමෙයි.” – ඇමති හර්ෂණ

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ LNW :

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ රජයේ ස්ථාවරය පැහැදිලි කරයි.

මෙම සංශෝධනය හරහා අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සහ ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීම මූලික අරමුණ වී තිබේ.

විශේෂයෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන ඔහු ප්‍රතික්ෂේප කරයි.

මෙය කිසිදු ලෙසක එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් පියවරක් නොවන බවත්, සමස්ත පද්ධතියේම යහපත උදෙසා ගත් තීරණයක් බවත් ඔහු අවධාරණය කරයි.

විරුද්ධ පක්ෂය විසින් එල්ල කරනු ලබන බාධා හමුවේ වුවද, දූෂණය පිටුදැකීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ගත් පියවරවලින් රජය පසුබට නොවන බව මෙමඟින් මනාව පැහැදිලි වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ‍‍ ,

“දැන් අපි බලයට එනකොට මොකක්ද තිබුණේ? අවුරුදු තිහක්, හතළිහක් ඉබාගාතේ ගිය ක්‍රමයක් මුළු යාන්ත්‍රණයම මළකඩ කාලා හිරවෙලා තිබුණා. අපේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ දූෂිතයන්, වංචනිකයන් අධිකරණය ඉදිරියට පමුණුවන්න අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා කියන එක. ඒක සකස් කරගෙන යෑමේදී මොකද වෙන්නේ? එක පාරටම අපි දකින්නේ මොකක්ද? නඩු ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා, අධිකරණ පද්ධතිය සමස්තයක් වශයෙන් කරගෙන යනකොට නඩු වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න. අපිට සිද්ධ වෙනවා තව දෙයක් බලන්න. මොකක්ද? නඩුකාරතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන්.

නඩුකාරයෙක්ම කරන්න නම්, විශ්‍රාමික වයස විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ කියන තර්කය මම පිළිගන්න ගමන් මම කියන්නේ අනිත් ප්‍රතිසංස්කරණත් එක්කම තමයි ඒක බලන්නේ. අන්න එතකොට ඒ දැනුම කියාගත්තහම නඩු අපට කාර්යක්ෂම කරගන්න පුලුවන්. එහෙනම් මොකක්ද මේ මවන බිල්ලා, ඒ ගොල්ලෝ කියනවා අපි එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේක ගේනවා. අධිකරණ සංවිධාන පනත් සංශෝධනය වුනා කිව්වහම මෙතුමන්ලා සහ සියලුම දිසා විනිසුරුවන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි වෙනවා. සියලුම එකේ සියලු තමයි දෙක, දෙක වැඩි වෙන්නේ. ඔන්න අපි යම් හෙයකින් එක නඩුකාරයාගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙම නැත්නම් තෝරාගත්ත නඩුකාරතුමියගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙනම් ඔය කියන තත්ත්වේ හරි.

කිසිදු වරදක් නෑ. අපේ විපක්ෂෙ කට්ටියයි ප්‍රතිවාදීන් කියන එකක් තමයි. නෑ ඒක කරන්න මේ ඉන්න සුරසේන නඩුකාර තමාගේ කාලයෙන් පස්සේ කරන්න. දැන් කවුද එක් කෙනෙක් ඉලක්ක අරන් ඉන්නේ? අපිද? අහනවා ඇයි සංශෝධනය ගේන්නේ. ඇයි දෙසැම්බර් මාසේ බැරි? එකකොට දැන් ගෙනාපුවාම හොඳ නැති එක දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ මොන ක්‍රමයෙන් ද? මේ අවුරුද්ද අවසන් වන විට ඔබලාට ප්‍රතිඵල දකින්න ලැබේවී, යුක්තිය ඉෂ්ඨ වෙනවා මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ.ඒක මේ ආණ්ඩුවේ ස්වරූපය නෙමෙයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...