ගාල්ලේ මාරාන්තික බැක්ටීරියාව කොළඹටත් ඇතුළු වෙයි !

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකුට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නම් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අදාළ රෝගියා ජා ඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය තුළ පිහිටි ආයතනයක සේවය කරන්නෙකු බව සඳහන්.

උණ රෝගී තත්වයක් මත ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති තර එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ. එම්. ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම එම රෝගියා සේවය කළ සේවා ස්ථානයෙහි ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ පරීක්ෂා කර ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරත් පවසා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ