ඖෂධ නියාමන අධිකාරියේ සභාපති දැන් කියන කතාව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා අද (30) මාධ්‍යයට මේ අදහස් දැක්වීය. ඒ මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය කර ඇතැයි තමන් පිළිගන්නා බවයි.

අමෙරිකාවේ ආහාර හා ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් හට දින තුනක පුහුණු වැඩමුළුවක් පැවැත්විණි.

මෙහිදී  ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා දැක්වූ අදහස් ,

“ඒ සෑම මරණයක් පිළිබඳව අපි පරික්ෂණයක් පවත්වනවා. ඒ ඖෂධ සියල්ලම අපි භාවිතයෙන් ඉවත් කළා. ඔබ දන්නවා ඇති එන්නතකින් ආසාත්මිකතාවයක් නිසා රෝගියෙක් මියගියා. දැන්නම නියම කරලා තියෙනවා එම ඖෂධය ඔස්ට්‍රේලියාවේ TG ආයතනයට යවන්න කියලා මේක පරික්ෂා කරලා බලන්න. දැනට මම තුනක් හතරක් වගේ ඉවත් කරලා තියෙනවා.”

මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න ඇසූ අතර ඒ සඳහාද ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ සභාපතිවරයා පිළිතුරු ලබාදුනි.

මාධ්‍යවේදියා  – චෝදනාවක් තියෙනවා ඉවත් කළාට ආයෙත් ඒ බෙහෙත් එන්න පුළුවන් කියලා?

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – “එහෙම එන්න බැහැ. ඒ ආයතනය අසාදු ලේඛනගත කළා. ඉන්දියාවේ ආයතනය සම්පූර්ණයෙන් ආසාදු ලේඛනගත කරනවා.”

මාධ්‍යවේදියා – ඔබ පිළිගන්නවා බාල ඖෂධ ලංකාවය ඇවිල්ලා කියලා?

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – ”සමහර බාල ඖෂධ ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර ඇස්වලට ගෙනාපු බෙහෙත බාලයි. ඒක මම පිළිගන්නවා. අපි ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඖෂධ කාණ්ඩ ගණනාවක් එනවා. අපිට කුප්පියෙන් කුප්පියට පරික්ෂා කරන්න බැහැ නේ.” ලෙස ඒ මහතා  පවසා සිටියේය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...