බලය නැතිවත් වැඩ කරපු අපට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම අමාරු කාර්යයක් නෙවෙයි – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ විපක්ෂයේ සිටිමින් රටට විශාල වැඩ කොටසක් කළ එකම දේශපාලන පක්ෂ සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“බංකොලොත්භාවයෙන් ගොඩ එන්නට ඕනෙ, ස්මාර්ට් රටක් වෙන්නට ඕනෙ. ස්මාර්ට් රටක් හැටියට යන ගමනේදී සියලු ආගමික සිද්ධස්ථාන සුහුරු ආගමික සිද්ධස්ථාන කරනවා සේම තාරුණ්‍යයට, දරු පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදෙන කේන්ද්‍රස්ථාන බවට පත්කිරීම තමයි අදහස”

ප්‍රශ්නය – ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා අනිත් අපේක්ෂකයෝ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි ඒවා කියලා ?

“ඒවා කියනකොට මට පාස්පෝට් පෝලිම මතක් වෙන්නෙ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සත්‍යවාදීව යතාර්ථවාදීව අපි කරන වැඩ ටික අපි කියලා තියෙනවා. දැන් සමහරෙක් අහන්න පුළුවන් මේවා කෙරෙයිද, කෙරෙන වැඩද කියලා. ඒකට මට දෙන්න තියෙන උත්තරය තමයි, ඔබතුමාලා මට කියන්නකො 76 වසරක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ කවුද විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරලා තියෙන්නෙ ? ඒ නිසා බලයක් නැතිව වැඩක් කරපු අපිට ඇත්ත වශයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම අමාරු කාර්යයක් නෙවෙයි”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් බැහැදැක, සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...