*
Monday, September 30, 2024
spot_img

Latest Posts

එංගලන්තය 400 ඉක්ම වූ පිටියේ ශ්‍රී ලංකාවට 200 ත් බැරි වෙයි

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 31, (LNW) කොළඹ :

එංගලන්ත වේග පන්දු ඉදිරියේ යළිත් වරක් පසු බෑ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පළමු ඉණිමට රැස් කළ ලකුණු 427 ට පිළිතුරු ලෙස ලකුණු 196 ට දැවී ගියා.එංගලන්ත ඉණිම ලකුණු 427 කරා ගිය ගමණ ජෝ රූට් නම් සුපිරි පිතිකරුවාගේ වික්‍රමය තුළ රැඳුණු එකක් වුණා.ඔහු එංගලන්ත පිතිකරුවන්ගේ කඩුලු ඉදිරී වැඩෙද්දී,පසු පෙළට විශ්වාසය එන්නත් කරමින් තමා පෙරටු කර ගෙන ගොඩ නැඟූ ඉණිමේ තිබුණු පුද්ගල කේන්ද්‍රීය කළමණාකරණය මෙන්ම කණ්ඩායම වෙනුවෙන් ඇති ක උත්තේජනය විසින් ඇති කළ විශ්වාසය නිසා එංගලන්ත ඉණිමේ අංක අට පිතිකරු වූ ගස් ඇට්කින්සන් රූට් ට වඩා වේගවත් ශතකයකින් එංගලන්ත ඉණිමට දායකත්වය දුන්නා.


ඇට්කින්සන් ප්‍රධාන වශයෙන් එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නෙක් වුවත්,ඔහු රූට් ගේ සහයෙන් සිය ඉණිමේ මුල් කාර්තුව සාක්ෂාත් කර ගැනීමෙන් ඉනික්බිති එංගලන්ත ඉණිමේ නවවන පිතිකරුවා ලෙස දැවී යද්දී පන්දු 115 ට ලකුණු 118 ක් එකතු කරගෙන තිබුණා.ඒ අතරවාරයේ එංගලන්ත කඩුලු 5 ක් ලකුණු 102 ට දවා ගනිමින් අසිත ප්‍රනාන්දු කැපී පෙණුනා.වේග පන්දුවට උචිත තණතීරුවේ පන්දු යැවීමේ සාර්ථකත්වය වේගය සහ කෙටි පන්දු කියන වැරදි විශ්වාසය පෙර දැරි කර ගනිමින්,එංගලන්ත පන්දු යවන්නන්ට බලපෑමක් ඇති කරන්නට උත්සාහ කළ බවක් ලහිරු කුමාරගෙන් දිස් වුණා.ඔහු ලකුණු 101 ට කඩුලු 2 ක් සහ මිලාන් රත්නායක ලකුණු 89 ට කඩුලු 2 ක් දවා ගනු ලැබුවා.


පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් එංගලන්ත වේගයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නට හැකි වුණේ යළිත් කමිඳු මෙණ්ඩිස්ට පමණයි.ලකුණු 35 ට කඩුලු 3 ක් දැවී ගිය තැන සිට ලකුණු 83 දක්වා ලකුණු 38 ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉණිමට දායකත්වය දෙන්නට ඇන්ජලෝ මැතිව්ස් (22) සහ දිනේෂ් චන්දිමාල් (23) සමත් වුණා.එහෙත් ලකුණු 83 දී මැතිව්ස් දැවී ගිය වහාම පන්දු 3 ක් තුළ ධනංජය ද සිල්වා ලකුණු නොමැතිවත්,ලකුණු 87 වෙද්දී දිනේෂ් චන්දිමාල් හය වන කඩුල්ල ලෙසත් දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉණිම කඩා වැටෙන්නට පටන් ගත්තා.


කමිඳු මෙණ්ඩිස් එක් පසෙකින් ශ්‍රී ලංකාව නැවත ගොඩට ඒමට දක්වන වෙහෙසට මිලාන් රත්නායක ලකුණු 19 න් දායක වුණා.ප්‍රභාත් ජයසූරිය ලකුණු 8 ක් පමණක් ලබා ගත්තත්,සෑහෙන කාලයක් කඩුල්ලේ රැදෙමින් කමිඳුට දායකත්වය දුන්නා.ලහිරු කුමාර පන්දු 22 ක් ම ලකුණු නොලබා කඩුල්ලේ රැඳෙමින් කමිඳුට දායකත්වය දුන්නත් එවැනි මොහොතක සිඳු නොවිය යුතු ආකාරයෙන් දුවද්දී දැවී කඩුල්ල ලබා දුන්නා.ලකුණුත් නැතිව සියල්ල දැවී යාමට වඩා සියල්ල දැවෙන්නට පෙර ලකුණු පූවරුව හැකි තරම් පොහොසත් කිරීම අරමුණු කරගෙන ආරක්ෂාවත් සමඟම වූ ආක්‍රමණික ස්වභාවයක් සහිතව පන්දුවට පහර දුන් කමිඳු හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් ද සමඟ ලකුණු 74 ක් ලබා අවසන් කඩුල්ල ලෙස දැවී ගියා.


ගස් ඇට්කින්සන්,ක්‍රිස් වෝකස්,ඔලි ස්ටෝන් සහ මැතිව් පොට්ස් යන වේග පන්දු යවන්නන් කඩුලු 2 බැඟින් බෙදා ගන්නට සමත් වුණා.මේ වන විට එංගලන්තය දෙවන ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා ගෙන සිටිනවා.ලකුණු 256 ක් මේ වන විටත් ඉදිරියෙන් සිටින එංගලන්තය තරගයේ තෙවන දිනයේ දී හැසිරෙන ආකාරය ඔවුන්ගේ ජයග්‍රහණයේ පරිමාව තීරණය කරන සාධකය වනු ඇති.


ඉන්දියාව පරාජය කරමින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඒ කීර්තියේ ඉහළ සිට පහළටම ඇඳ දමා පොළවේ ගසා අහවර කරන්නට ඇතැමුන්ට අවශ්‍යය බව පෙනෙන්නට තිබෙනවා.ඉන්දියාව පරාජය කිරීමට පෙර නිතර කතා කරනු ඇසුණු කතාවල ශ්‍රී ලංකාව ඉන්දියාවට බැට දුන්න ඉතිහාසය ගෙන වර්ථමානයේ ගෙල සිර කිරීම බොහෝ සමාජ මාධ්‍ය ක්‍රිකට් විචාරකයන් විසින් කරගෙන යනු ලැබුවා.එහෙත් ඇත්ත තත්ත්වය ඒ ජයග්‍රහණය පැමිණියේ වසර 27 ට පමණ පසුව වීමයි.අවුරුදු 27 ක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව එවැනි ජයග්‍රාහී තැනක සිට නොතිබීම අමතක කර වර්ථමානයට තඩි බෑම සිඳු වූ බව එයින් පැහැදිළියි.


එම තරගාවලිය ජය ගත් අවස්ථාවේ දී, lankanewsweb තැබූ සටහනට මෙයින් පිවිසිය හැකියි.

https://sinhala.lankanewsweb.net/08/08/124724/
එහි පවසන පහත වචන විශේෂයෙන් යළිත් අවධානයට ගත යුතුව තිබෙනවා.// එහෙත් සනත් ජයසූරිය ආකල්පමය වශයෙන් ඇති කළ වෙනස සහ මේ පරිසරයට වඩා සපුරා වෙනස් එංගලන්ත සංචාරයට මුහුණ දීමේ අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ඔහුගේ පුහුණුකරු වගකීමේ පරීක්ෂණය වනු ඇත.මේ වන විට එක්දින සහ විස්සයි විස්ස ආකෘතිවලට වඩා යම් ආකාරයකින් ඉදිරිය දරා සිටින ටෙස්ට් තරග අත්දැකීමකට කලකට පසුව මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය ඉදිරියේ වෙනස් පරිසරයක කුමනාකාරයෙන් මුහුණ දෙයිද යන ගැටළුව සනත්ව පරීක්ෂණයකට භාජනය කරනවා ඇත.//
මේ ගැන ද කතා කළ යුතුව ඇත.ජයග්‍රහණය තීරණය කරන්නට බලපාන පාරිසරික තත්ත්වය ඇතුළු තාක්ෂණික භෞතික කාරණා මානසිකව හිතට කතා කර පමණක් වෙනස් කිරීම දුෂ්කරය.ශ්‍රී ලංකාව මේ දක්වා පෙන්වන්නේ මේ අපොහොසත්කමය.

මානසික ඒකාග්‍රතාවය රඳවා ගනිමින් තමන් දන්නා මූලික ක්‍රිකට් තාක්ෂණයේ පිහිටා තරගය පුරා කටයුතු කළ හැකිනම් මීට වඩා යහපත් පිළිතුරු අපේක්ෂා කළ හැකිය.ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඒ හැකියාව කළමණාකරනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි විය යුතුය.ඒ සඳහා කරන ඉයන් බෙල්ගේ මඟ පෙන්වීම වසර දෙකක අධ්‍ය්‍යන කාලයක් ගෙවා පෙනී සිට ජය ගත යුතු විභාගයකට,හෙට විභාගය කියා ගුරුවරයෙකුගෙන් ටියුෂන් ගැනීම වැනි විය හැකිය.එහෙත් එහි ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හෙට විභාගය කියා කිව නොහැකි තැනක් ද ඇත.ඔවුන් දන්නා එහෙත් අමතක කර තිබෙන දේ බෙල්ගේ මතක් කිරීමෙන් ඉනික්බිති මතකයට නඟා ගැනීමට අපොහොසත් වීම ශිෂ්‍යයාගේම දුර්වලකමකි.


ලකුණු පූවරුවට පිවිසෙන්න. https://es.pn/3Z4j1GT
ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ කමිඳු මෙණ්ඩිස්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan