අම්මා අදින්න කිව්වම වාහනයක් පැදගෙන යන ස්ත්‍රියක් අදින තැනට මේ රට ගේන්න ඕනේ – ජයතිලක කම්මැල්ලවීර

Date:

කොළඹ LNW:රටක සංවර්ධනය යනු භෞතික සංවර්ධනය පමණක් නොව මානව,ආධ්‍යාත්මික මෙන්ම සංස්කෘතික සංවර්ධනය ද අදාළ වන අතර එවැනි සංවර්ධන ප්‍රවේශයක් සකස් කර ගැනීම වෙනුවෙන් එළඹෙන 21 වැනිදාට අවස්ථාව ලැබෙන බව ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා පැවසුවේය.

කම්මැල්ලවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොට්ටාව නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ ”රට අනුරට” මහජන රැළිය අමතමිනි.

”සංවර්ධනය කියන්නේ වරාය,ගුවන් තොටුපොළවල්අ,ධිවේගී මාර්ග මේවා පමණක් නෙවෙයි. සංවර්ධනයේ ප්‍රධාන ප්‍රකාශනයක් තමයි මේ රටේ, භූමියේ ජීවත් වන ජනයාගේ ජන ජීවිතවල සංවර්ධනය, අපි කුඩා කාලයේ ඉස්කෝලේ යන කලේ අපිට ගොවියෙක් අදින්න කිව්වම අපි ඇන්දේ අමුඩයක් ගහගෙන ඉල ඇට ටිකක් මතුවෙලා පේන කෙසඟ මනුස්සයෙක් බිම කොටනවා. අවුරුදු 76කට පස්සේ ඒ වයසේ දරුවෙකුට ගොවියෙක් අදින්න කිව්වොත් එයා අදින්නෙත් ඒකමයි. එහෙම නැතුව කොට කලිසමක් ටී ෂර්ට් එකක් ඇදගෙන කුඹුරක ට්‍රැක්ටරයක් එලවාගෙන යන මනුස්සයෙක් අදිනවද? අදින්න පුළුවන්. ඒ අදින්නේ ගොවියෙක් නෙවෙයි ට්‍රැක්ටර් මාමා.මෙන්න අපේ සංවර්ධනය. ගොවියා තාමත් අපි එදා දැක්ක ගොවියමයි. එතකොට අම්මා අදින්න කිව්වොත් එදා වගේ දුම් ගගහා ලිපට පිඹින රෙද්දයි හැට්ටෙයි ඇදගත්තු ස්ත්‍රියක් අදින්නේ. මේ රටේ අදටත් බොහොමයක් ගම්බද රජයේ පාසල්වල ඉගෙන ගන්නා කුඩා දරුවන්ට අම්මා අදින්න කිව්වොත් මම එදා ඇදපු චිත්‍රයම තමයි අදත් අදින්නේ. සංවර්ධනය වෙලාද අපි. ඇයි අපිට බැරි අම්මා අදින්න කිවම වාහනයක් එලවාගෙන යන ස්ත්‍රියක් අදින්න. එහෙම අදින්න පුළුවන් දරුවොත් ඉන්නවා. ඒ ගැන සන්තෝසයි. නමුත් සමස්ත දරු පරපුරටම අම්මා අදින්න කිව්වොත් වහනයක් පැදගෙන යන ස්ත්‍රියක් අදින්න පුළුවන් සමාජයක් අපි බිහිකරගන්න ඕනේ. රට පිළිබඳව ජනතාව පිළිබඳව එවැනි ඉදිරි දැක්මක් සහිත පක්ෂයක නායකයෙක් අපි බලයට පත්කර ගන්න ඕනේ. ඒ සඳහා අපට අවස්ථාව ලැබිල තියෙනවා ලබන මාසේ 21 වැනිදා. අපි ඒ අවස්ථාව පාවිච්චි කරලා මේ රට සැබෑ සංවර්ධනයක් දිශාවට භෞතික සංවර්ධනයක් පමණක් නෙවෙයි අධ්‍යාත්මික, මානව සංවර්ධනයක්, සංස්කෘතික සංවර්ධනයක් දිශාවට ගෙන යා හැකි නායකත්වයක් අපි 21 වැනිදාට පත්කරගන්නවා.”

එම නායකත්වය හොබවන ජාතික ජන බලවේගය යටතේ මේ රට නියත ලෙසම මේ වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන සංවර්ධන මාවතට ගෙන යන බවයි කම්මැල්ලවීර මහතා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

JKH ලාගේ කැසිනෝවෙන් බිලියන 15ක් වන්දි ඉල්ලා රවී ගොනුකළ නඩුවට පසුගියදා ලැබුණු නියෝගය මෙන්න !

මෑතකදී කොළඹ විවෘත කෙරුණු ''සිටි ඔෆ් ඩ්‍රීම්ස්'' කැසිනෝ ශාලාවට...

අපිට තියෙන ප්‍රශ්නේ ජොබ් එකක්වත් කරපු නැති චිචී රොකට් යවන්න සල්ලි හෙව්වේ කොහෙන්ද කියන එකයි – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ආණ්ඩුවට ඇති ප්‍රශ්නය වන්නේ රොකට්ටුවක් යැවීම...

GMOA වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලත් තවත් තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරැල්ල, සහස්පුර, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී පසුගිය...