*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ඉදිරි වසර 10ට රැකියා ලක්ෂ 20ක් බිහිකරන ප්‍රතිපත්තිමය තීරණය ගන්නවා – නාමල්

කොළඹ LNW:ඉදිරි වසර පහ සඳහා රැකියා ලක්ෂ 10කුත් ඉදිරි වසර 10 සඳහා රැකියා ලක්ෂ 20කුත් බිහිකිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා උදේ සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) බියගම මහජන රැළිය අමතමිනි.

ආර්ථිකය හැදුවා රට බේරා ගත්තා යැයි පාර්ශවයක් පවසමින් තිබුණද ගමේ තරුණ තරුණියට රැකියා අහිමි වෙනවා මිස රැකියා උත්පාදනය වීමක් සිදුනොවන බවයි ඔහු සඳහන් කළේ.

ආර්ථිකය ප්‍රගතියක් ඇත්නම් ගම තුළ රැකියා උත්පාදනය විය යුතු අතර එසේ නොවන්නේ ආර්ථික ප්‍රතිලාභ ගමට ගොස් නැති බව යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

”අපට වගකීමක් තිබෙනවා එක පැත්තකින් දේශීය ආර්ථිකය,ගොවියා,ව්‍යාපාරිකයා,ව්‍යවසායකයා රැකෙන තැනට මේ රටේ ප්‍රතිපත්ති ස්ථාපනය වෙන්න ඕනේ. රටේ වවන්න පුළුවන් හැම බෝගයක්ම වවනවා වගේම මේ රටේ හදන්න පුළුවන් හැමදෙයක්ම හදන්න ඕනේ. ඇයි ලංකාවේ නිෂ්පාදනවලට තැන දෙන්න බැරි. පැහැදිලිවම කියනවා අපි ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාව දෙන්නේ ලංකාවේ නිෂප්දන ආර්ථිකය තුළ ගනුදෙනු කරන මගේ ආදරණිය අම්ම තාත්තට සහ ව්‍යවසායකයින්ට කියන එක අපි ඔබතමුන්නාන්සේලාට කියනවා. දේශීය ව්‍යාපරික පැලැන්තියක් අලුතෙන් අපි හදමු. ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ බවට පත්කරන්න ඕනේ. ඒ අඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති බැංකු මූල්‍ය ප්‍රතිපත්ති අපි හදනවා. ඒ අඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරමු.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan