ආන්දෝලනාත්මක අලි-ඇතුන් ඝාතනයන් ගැන CID විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති, වන අලි ඝාතනය කිරීමට සම්භන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

භාතිය හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලටද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ, වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ඩිජිටල් අමාත්‍යංශයේද සහය ලබා ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ, ඉකුත් සමයේ ක්‍රියාත්මක වූ වැරදි පාරිසරික ප්‍රතිපත්ති හේතුවෙන් අලිමිනිස් ගැටුම උග්‍ර වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...