*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

මහජන විමසීම්වලට සතියක් ඇතුළත ප්‍රතිචාර – රාජ්‍ය සේවකයන්ට චක්‍රලේඛයකින් දැනුම් දෙයි

රාජ්‍ය ආයතන වෙත මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් පණිවුඩ, දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

අදාල චක්‍රලේඛයට අනුව මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් පණිවුඩ, දුරකතන ඇමතුම් සඳහා කඩිනමින් පිළිතුරු ලබාදිය යුතුය. පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් පණිවුඩය ලද බවට සතියක් තුළ ලිපියක් මගින් දැනුම් දිය යුතුය.

සති 04 ක් ඉක්මයාමට පෙර අවසන් පිළිතුර යැවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් වන අතර සියලු රාජකාරි ලිපි සඳහා පිළිතුරු යැවීමේදී අදාල ලිපියේ අත්සනට පහළින් විෂය බාර මාණ්ඩලික නිළධාරියාගේ සෘජු දුරතන අංකය සඳහන් කිරීම අනිවාර්ය බවද අමාත්‍යංශ ලේකම්වරයා මෙම චක්‍රලේඛය හරහා දැනුම් දෙයි.

කොවිඩ් වසංගත තත්වය හා ඉන්ධන අර්බුදය හමුවේ මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබනෙ පණිවුඩ සඳහා ප්‍රතිචාර දක්වීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි චක්‍රලේඛයේ සඳහන් වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan