මහජන විමසීම්වලට සතියක් ඇතුළත ප්‍රතිචාර – රාජ්‍ය සේවකයන්ට චක්‍රලේඛයකින් දැනුම් දෙයි

Date:

රාජ්‍ය ආයතන වෙත මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් පණිවුඩ, දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

අදාල චක්‍රලේඛයට අනුව මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් පණිවුඩ, දුරකතන ඇමතුම් සඳහා කඩිනමින් පිළිතුරු ලබාදිය යුතුය. පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් පණිවුඩය ලද බවට සතියක් තුළ ලිපියක් මගින් දැනුම් දිය යුතුය.

සති 04 ක් ඉක්මයාමට පෙර අවසන් පිළිතුර යැවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් වන අතර සියලු රාජකාරි ලිපි සඳහා පිළිතුරු යැවීමේදී අදාල ලිපියේ අත්සනට පහළින් විෂය බාර මාණ්ඩලික නිළධාරියාගේ සෘජු දුරතන අංකය සඳහන් කිරීම අනිවාර්ය බවද අමාත්‍යංශ ලේකම්වරයා මෙම චක්‍රලේඛය හරහා දැනුම් දෙයි.

කොවිඩ් වසංගත තත්වය හා ඉන්ධන අර්බුදය හමුවේ මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබනෙ පණිවුඩ සඳහා ප්‍රතිචාර දක්වීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි චක්‍රලේඛයේ සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...