මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Date:

අධිකරණය විසින් මරණ ද‌ඬුවම පනවා ඇති වැරදිකරුවන්ගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරයා සිය තීරණය නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.

2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, මරණ දඬුවමට ලක්ව සිටින වැරදිකරුවන් සිව් දෙනෙකුගේ එම දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබිණි. එකී තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ජනාධිපතිවරයාගේ තීරණය විනිසුරු මඩුල්ල වෙත දැනුම් දී තිබෙනවා.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඊයේ ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙන අතර එහිදී ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් නොතබන බවයි. තම තීරණය අධිකරණය වෙත දන්වා සිටින ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බවත්ය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...

හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...