කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, කිර්ගිස්ථානයේ Bishkek නුවරදී පැවැත්වීමට නියමිත 2026 ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව සඳහා එක්වීමට ඊයේ(30) විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවරින් පිටත් ව තිබෙනවා.
ඉන් අනතුරුව හෙතෙම කිර්ගිස්ථානයේ හා ඊජිප්තුවේ රාජ්ය සංචාරයන්හි ද නිරත වීමට නියමිතයි. කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov හා ඊජිප්තුවේ ජනාධිපති Abdul Fatah Al-Sisi යන මහත්වරුන්ගේ ඇරයුමට අනුව ෂී ජින්පිං මහතා එම රාජ්ය සංචාරයන්ට එක්වනවා.
ෂී ජින්පිං මහතා කිර්ගිස්ථානයේ Manas ජාත්යන්තර ගුවන්තොටුපළට ළඟා වූ පසු එහිදී ලිඛිත නිවේදනයක් ඉදිරිපත් කළා. චීනය සහ කිර්ගිස්ථානය අතර සාම්ප්රදායික මිත්රත්වයට දිගු ඉතිහාසයක් ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා.
රාජ්යතාන්ත්රික සබඳතා ස්ථාපිත කිරීමෙන් වසර 34කට පසු, චීන-කිර්ගිස්ථාන සබඳතා යහපත් සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, නව යුගයේ දී පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවේ ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවත් ඔහු පැවසුවා.
2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වෙමින් ශැංහයි සහයෝගිතා සංවිධානයේ අඛණ්ඩ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.
දිනූෂි ධීරසිංහ


