අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ අනුව, ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂ විතාන මහතා නියෝග කර ඇත්තේ.
එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අතිරේක මහේස්ත්රාත්වරයා නියම කළේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බවට වූ චෝදනාවක් මත අද (31) පෙරවරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගෙන තිබිණි.


