රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW :
කොළඹ වරායේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් කිලෝග්රෑම් 463ක් පමණ බරැති අයිස් මත්ද්රව්ය තොගයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික වන අතර, එය බහාලුම් දෙකක් තුළ සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව රේගු සහාය ඇතිව මෙම සාර්ථක වැටලීම සිදුකර ඇත.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්රියාත්මක වූ බලධාරීන් මේ වන විට අදාළ මත්ද්රව්ය තොගයේ බර මැනීමේ කටයුතු අවසන් කර ඇති බව වාර්තා වේ.
මෙම ජාවාරමට සම්බන්ධ ප්රධාන සැකකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

