වැසි තත්වය තවදුරටත් වැඩිවෙයි – අද (31) කාලගුණ නිවේදනය

Date:

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (31) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (31) දහවල් 12:11ට අඩප්පන්කුලම් (වවුනියා දිස්ත්‍රික්කය), දුටුවැව(අනුරාධපුර දිස්ත්‍රික්කය) සහ නිලාවේලි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...