දඩයක්කරුවකු විසින් අටවන ලද තුවක්කුවක් නිසා තුවාල ලැබූ “අග්බෝ” හස්තියාට වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමෙන් ප්‍රතිකාර (PHOTOS)

තිසර සමල්

අනුරාධපුර (LNW): දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් ක්‍රියාත්මක ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරිපස වම් පාදයට බරපතළ තුවාල සිදුවී සිටි අග්බෝ නැමැති හස්තියා පසුගිය ජුනි මස 12වනදා සිට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු  පසු වෛද්‍ය කණ්ඩායම එක්ව ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබනවා.

තවද මීට සති කිහිපයකට පෙරද අවස්ථා කිහිපයක් වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එක්ව අග්බෝ ඇතාට විශේෂ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබුවා.

එලෙසම අද දිනයේදීත්  අග්බෝ හස්තියාට, පශුවෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ හස්තියා නිද්‍රා කිරීමෙන් අනතුරුව  හස්තියාගේ වෙඩි වැදී තුවාල සිදුවූ පාදයේ X ray පරීක්ෂාවන් සහ පාදයේ තුවාල සදහා අවශ්‍ය ප්‍රතිකාර කටයුතුද සිදු කරනු ලැබුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...