චාමිකට කැපිල්ලක්..?

Date:

ආසියානු කුසලාන තරගාවලිය සඳහා කැඳවා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදී චාමික කරුණාරත්න සංචිතයට හෝ කැඳවා නැත.ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී කණ්ඩායමේ අවස්ථාවක් එකඳු මොහොතකදීවත් නොලද චාමික, ඒ අවස්ථාව අහිමි කිරීමේ කාරණය මතම කණ්ඩායමෙන් ද ඉදිරියේදී ඉවත් කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙන බවට අපි ඉඟි පළ කළෙමු.

කණ්ඩායම අනුමත කිරීමේ කාරණය අවසාන අනුමැතිය හිමි අමාත්‍යවරයාටය.අමාත්‍යවරයා අනිසි බලපෑමක් නොකළ ද සංවර්ධන දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරියෙක් සිටීනම් ඔහුට මේ තේරීම් සම්බන්ධයෙන් රටේ ක්‍රීඩාවට යම් අගතියක් අත් විය හැකි තත්ත්වයක් පෙන්නුම් කරන්නේනම් ඊට එරෙහිව කරුණු දැක්වීමට ඉඩක් ඇත.
අමාත්‍යවරයා යටතේ සිටින ඇරියස්කාර උපදේශකයන්ට ද පරිපාලන්යට පහර දීමේ ඉඩක් පාදා ගැනීමේ උවමනාව හැරෙන්නට වෙනත් අවධානයක් නැත.මේ නිසා චාමික පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ව්‍යහුය තුළ සාර්ථකම ක්‍රීඩකයෙක් වන අතර ඒ නිසා ඔහු කණ්ඩායමට තෝරා නොගැනීම ඔහුට පමණක් නොව ශ්‍රී ලංකාවට ද අහිතකරය.

ක්‍රීඩකයින් ගණනාවක් ආබාධ මත කණ්ඩායමෙන් ඉවත් කරන තත්ත්වයක් තුළත් චාමික කරුණාරත්න කණ්ඩායමට නුසුදුසු ලෙස නම් කරන්නේනම් එහි ගැටළුව දක්ෂතා මත සිඳු වූවක් ලෙස ගැනීමට නොහැකිය.වැදගත් මේ තත්ත්වය තේරුම් ගැනීමය.
ආකෘති තුනම සළකද්දී චාමික කඩුලු 22 ක් 2022 වසරේ ලබා ගෙන පන්දු යවන්නන් අතර කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇත.එසේම එක්දින ආකෘතිය තුළ එම වසරේ ඔහු ලබා ගත් කඩුලු 10 වැඩිම කඩුලු ප්‍රමාණය වන්නේය.ආසියානු කුසලානය දිනා දීමේදී වැඩිම කඩුලු ප්‍රමාණයකට හිමිකම් කී ශ්‍රී ලංකා පන්දු යවන්නා වූයේ ද චාමික කරුණාරත්න ය.එසේම මෑථකදී පැවති නෑගී එන ආසියානු කණ්ඩායම් අතර තරගාවලියේ දී චාමික ලබා ගෙන ඇති කඩුලු 9 ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් ලබා ගත් වැඩිම කඩුලු ප්‍රමාණය වන්නේය.


එවැනි දක්ෂතාවයන් දක්වා තිබෙන තත්ත්වයක,කණ්ඩායමට ක්‍රීඩකයින් ගණනාවක් ආබාධ මත නුසුදුසු බව නිර්දේශ වී තිබියදීත් චාමික කරුණාරත්න කණ්ඩායමෙන් එළියට වීසි කරන්නේ තේරුම් කමිටුවේම පෞද්ගලික තීරණයකින් ද,ඔවුන්ට කණ්ඩායමේ නායකයා කරන ලද ඉල්ලීමකින්ද යන්න සොයා බැලිය යුතුව ඇත.

නායකයන් නිසා ශ්‍රී ලංකාවට මෙන්ම එම ක්‍රීඩකයින්ට ද හානි කර අවස්ථා කියැවෙන ඉතිහාසයක් ඇත.රුවන් කල්පගේ,වරුණ වරාගොඩ මෙන්ම පසුකලෙක කණ්ඩායමට පැමිණ ඉවත් වූ පුලස්ති ගුණරත්න වැනි ක්‍රීඩකයින් එවැනි උදාහරණ කිහිපයක් පමණි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...