රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):
මුස්ලිම් ජනතාවගේ කැමැත්ත මත භූමිදානය හෝ ආදාහනය කළ හැකි පරිදි නව නීති ගෙන ආවේ තම රජය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තවද, ජාතිවාදය සහ ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සියලුදෙනා එක්ව රට ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාවේ සමන්තුරේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම ජන රැළියට එක්ව සිටි බව සඳහන් වේ.