මල නොතලා රොන් ගැනීමේ කලාව

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW:

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වූ එක්දින තරග දෙකම ශ්‍රී ලංකාවට ජය හිමිවෙමින් නිමාවට පත් විය.ශ්‍රී ලංකාව දෙවන තරගය ජයගත්තේ ඇඟට නොදැනිව කළ ආක්‍රමණයක් සමඟය.පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ඉණිම පන්දු ඕවර් 50 නිමාවේ ලකුණු 277 ක් විය.කඩුලු 7 ක් අහිමිව තිබිණ.එය හඹා යමේ වගකීමෙන් වැඩි කොටසක් සිය උර මතට ගත් පැතුම් නිශ්ශංක රැස් කළ විශිෂ්ඨ ලකුණු 122 සහ නායක චරිත් අසලංක ගේ ලකුණු 71 නැංගුරම් බවට පත් කර ගත් ශ්‍රී ලංකා ඉණිම 50 වන ඕවරයේ තෙවන පන්දුවේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 5 ක් දැවී ලකුණු 278 ක් බවට පත් කරමින් ජය ඉවුර වෙත සමීප කළේය.


සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ දත්ත සළකා බලද්දී මහා විශාල ප්‍රහාරයකට ලක් වූ පන්දු යවන්නෙක් දකින්නට නැත.බිලේසින් මුසර්බානිගේ පන්දු ඕවරයක සාමාන්‍ය ලකුණු 6.35 ක් ව තිබිණ.එර්නස්ට් මසුකු පන්දු ඕවරයකට ලකුණු 6.40 සාමාන්‍ය්‍යක් රඳවා ගෙන තිබිණ.ඒ හැරෙන්නට සිම්බාබ්වේ පන්දු යවන්නන් හොඳින් පන්දු යවන බවක් දැකිය හැකි විය.එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු යවන්නන්ට විශාල අගෞරවයක් නොවෙන්න පන්දු ඕවර් 50 උපයෝගී කර ගනිමින් ඇඟට නොදැනී ජයග්‍රහණය කරා පියවර තැබීය.මල නොතලා රොන් ගැනීමේ න්‍යාය අකුරටම ක්‍රියාත්මක කළේය.


එකඳු හයේ පහරක්වත් ශ්‍රී ලංකා ඉණිමේ දකින්නට නොතිබිණ.පැතුම්ගේ ලකුණු 122 ට ඇතුළත්ව තිබුණේ හතරේ පහර 16 කි.අසලංක එල්ල කළ හතරේ පහර ප්‍රමාණය 7 කි.සෙසු පිතිකරුවන්ගෙන් ලැබුණු හතරේ පහර ප්‍රමාණය
ද 7 ක් වූ විට සමස්ත ශ්‍රී ලංකා ඉණිමටම අයත්ව තිබුණ හතරේ පහර ප්‍රමාණය 30 කි.එව ලකුණු 120 කි.ඉතිරි ලකුණු පන්දු නාස්ති නොකරමින් කඩුලු අතර දිව යමින් ලැබූ ලකුණු විය.


සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේදීත් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ක්‍රීඩකයින් දෙදෙනා වූයේ බෙන් කරන් (79) සහ සිකන්දරා රාසා ය.(නොදැවී 59) කරන් පළමු කඩුල්ල වෙනුවෙන් බ්‍රයන් බෙනට් (21) සමඟ පළමු කඩුල්ලට ලකුණු 55 ක් ද,බ්‍රෙන්ඩන් ටේලර් (20) සමඟ දෙවන කඩුල්ලට ලකුණු 61 ක් එකතු කරමින් සිම්බාබ්වේ ආරම්භය ශක්තිමත් කරන්නට දායක විය.ඉණිමේ හොඳම සබදතාවය ඇති කළේ සිකන්දර් රාසා සහ ලකුණු 36 ක් රැස් කළ ක්ලයිව් මඩන්ඩේ ය.ඔවුන් දෙදෙනා ලකුණු 76 ක සබඳතාවයක් හයවන කඩුල්ල වෙනුවෙන් එකතු කරන්නට සමත් විය.පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර නමට කඩුලු 3 ක් එක් වූයේ ලකුණු 52 ට ය.


කරන් සහ රාසා තරග දෙකේදීම පිතිකරුවන් ලෙස සාර්ථක වුව ද සිම්බාබ්වේ කණ්ඩායමට තරග ජයග්‍රහණයකට පිවිසෙන්නට නොහැකි විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දෙකේදීම පිත්තෙන් සිය වගකීම් ඉටු කළ පැතුම් නිශ්ශංකගේ දායකත්වය ජයග්‍රහණයට හේතු විය.ඒ නිසා දෙවන තරගයේදී රැස් කළ සුපිරි ශතකය ඔහුට එම තරගයේ වීරයා වෙන්නට මඟ පෙන් වූ අතර තරග දෙකේම ජයග්‍රහණයට පිත්තෙන් දුන් දායකත්වය සළකා තරගාවලියේ විරයා ලෙස ද පැතුම්ව නම් කළේය..
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.
https://bit.ly/4lX3iRN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන් ඒකනායක අද යළි CID කැඳවයි!

කොළඹ LNW: හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද...

ටියානාට පෑන් ඇමෙරිකානු 15 න් පහළ යුගල සූරතාවය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW: ආර්ජෙන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින්...

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් : මියගිය පිරිස 20 ඉක්මවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ රික්ටර්...