ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් : මියගිය පිරිස 20 ඉක්මවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපංකයේ ඒකක 6.0 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව භූ කම්පනයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 20කට අධිකයි. තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මරණ ගණන මීට වඩා වැඩිවිය හැකි බවටයි අමෙරිකානු භූ විද්‍ය සමීක්‍ෂණ ආයතනයද අනතුරු අඟවා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බවයි .

ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 අතර පසු කම්පන තුනක්ද සිදුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...