ලංසා සහ රාජිත කළ ඉල්ලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අවසර!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජිත සේනාරත්න සහ නිමල් ලංසාට නිවෙසින් ආහාර රැගෙන ඒමට කළ ඉල්ලීමකට අනුව , අවසර දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේය.

ලබන 9 වැනිදා දක්වා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

ලබන 12 වැනිදා දක්වා, නිමල් ලංසා මහතා බන්ධනාගාර ගත කර ඇති අතර, 2006 වසරේ පළාත් පාලන ඡන්දය පැවති කාලසීමාවේ එවක මීගමුව උප නගරාධිපතිවරයාගේ නිවසකට පහරදී අනර්ථය සිදුකිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු ගොනු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...