‘ජීවිතයේ දෙවන අවස්ථාවක් : ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW:

ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ රෝහලකින් නොමිලයේ සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු නොදන්නා බව, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ක්‍රිසන්ති විතාරණ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය විසින් රුපියල් මිලියන 200ක් වැය කර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කර තිබෙන බව, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පැවසීය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීම ආරම්භ කළ බවත් 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇට මිදුළු බද්ධ කිරීම් සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹදී පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO)  22 වැනි සංවත්සරයේදී වෛද්‍ය කුමාර් වීරසේකර සමාරම්භක දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO)  22 වැනි සංවත්සරයට සමගාමීව අධ්‍යයන සැසිමාලාව පසුගිය 22 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනය විසින් මෙවර වෛද්‍ය කුමාර් වීරසේකර දේශනය සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ (BMTU) සාර්ථකත්වය හඳුනා ගෙන තිබිණි.

ඒ අනුව ‘ජීවිතයේ දෙවන අවස්ථාවක්: ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’ මැයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මෙම දේශනය පවත්වනු ලැබීය.

මෙම ඒකකය ස්ථාපිත කිරීමට පෙර රුපියල් ලක්ෂ 80-100ක් වැනි විශාල මුදලක් වැය කර විදෙස් රටකට යාම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම නොමිලයේ රජයේ රෝහලකින් සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු නොදන්නා බවත් සිය දේශනය පවත්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

2016 වසර අවසානයේ  සිට 2025 වසරේ මැද භාගය වන විට රුපියල් මිලියන 200ක් වැය කර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු සැත්කම් මහරගම අපේක්ෂා රෝහලේදී  සිදු කර තිබෙන බවද 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇට මිදුළු බද්ධ කිරීම් සිදු කර ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දුන් ඉන්ධන හිඟය, ඖෂධ හිඟය පවා නොතකා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අඛණ්ඩව එම කටයුතු සිදු කළ බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මේ වන විට දායක ඇට මිදුළු බද්ධය (allogeneic stem cell transplant) ද ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව සිව්වන දායක ඇට මිදුළු බද්ධය සිදු කිරීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

2023 වසරේදී 49 ලෙස ඇටමිදුළු බද්ධ කිරීම් වැඩිම සංඛ්‍යාවක් සිදු කළද, විවිධ හේතූන් මත 2024 දී එම ප්‍රමාණයට ළඟා වීමට නොහැකි වූ බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඇට මිදුළු බද්ධය සඳහා වන පොරොත්තු ලේඛනය මේ වන විට 2027 ජනවාරි මාසයය දක්වා දීර්ඝ වී ඇති බව අනාවරණය කළේය.

ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය (BMTU) සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයක් නොමැති වීම මෙම ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට සෘජුවම බලපාන සාධකයක් බව සඳහන් කළේය. විශේෂයෙන් මේ වන විට එම ඒකකයට අනුයුක්තව ඇත්තේ ඊට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් බව ඔහු අවධාරණය කළේය.

පුහුණුව ලත් වෛද්‍යවරු සාමාන්‍ය මාරුවීම් පටිපාටිය යටතේ ස්ථාන මාරු ලැබීමත්, පත්ව එන වෛද්‍යවරු නැවත පුහුණු කිරීමත් නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වන ගැටළු වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඇට මිදුළු ගබඩා කරන බෑග් සහ Dimethyl Sulfoxide (DMSO) හිගය ,දායක ඇට මිදුළු බද්ධය සඳහා ගැලපෙන පරිත්‍යාගශීලීන් නොමැතිවීමද මුහුණ දීමට සිදු වී ඇති ප්‍රධාන ගැටළු අතර වන බව වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම මිළ අධික අත්‍යවශ්‍ය කිමෝතෙරපි ඖෂධ රජය හරහා නොලැබෙන බැවින් පරිත්‍යාගශීලීන් හරහා ඒවා ලබා ගැනීමේ කාර්යයද  තමන් ඇතුළු  කණ්ඩායමට පැවරී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම අපහසුතා නොවන්නට අවම වශයෙන් වසරකට ඇට මිදුළු බද්ධ කිරීම් 55ක් පමණ සිදු කිරීමට හැකියාව පවතින බවත් එසේ වුවහොත් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින සමහර රෝගීන්ට අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයෙන් ඇෆ්ගනිස්ථානයේ මිය ගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවයි : 1,300කට වැඩි පිරිසකට තුවාල

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල...

සන්ධානගතවීමක් නෑ. මර්දනයට එරෙහිව එකතුවීමක් පමණයි – නාමල්

කොළඹ LNW:මේ වන විට විපක්ෂය තුළ ගොඩනැගී ඇති එකතුව...

කුරුල්ලෝ නුඹේ තාලෙන්! පියාඹන්න ආසයි… ලෝකයේ ලස්සනම අත්තටු හිමිකරුවන්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): පසුගිය වසර කිහිපය...

උතුරු කොරියාවේ Kim Jong Un නව මිසයිල නිෂ්පාදනය ගැන අවධානයෙන් …

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ කිම්...