සන්ධානගතවීමක් නෑ. මර්දනයට එරෙහිව එකතුවීමක් පමණයි – නාමල්

කොළඹ LNW:මේ වන විට විපක්ෂය තුළ ගොඩනැගී ඇති එකතුව සන්ධනගතවීමක් හෝ අලුත් දේශපාලන බලවේගයක් නොව මර්දනයට එරෙහිව එකතුවීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

නමුත් ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

”යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ එකතු වීම සහ එක සිද්ධියක් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුනු බලවේගය මහා දැවැන්ත දේශපාලන විපර්යාසයක් හදන්න පුළුවන් දේශපාලන බලවේගයක් කියල මම හිතන්නේ ඒක නෙවෙයි සාර්ථක වෙන්නේ. මේ වෙලාවේ අපි කළ යුත්තේ විපක්ෂය විදිහට ජනතාවගේ පැත්තෙන් මර්දනයට විරුද්ධව, රණවිරුවන් දඩයම් කරනවා. හිටපු නාවික හමුදාපතිට වෙච්ච දේ අපි දන්නවා. ඒ පිළිබඳව කතාකරපු දේශපාලඥයින්ට විරුද්ධව ආණ්ඩුව නඩු දාන්න හදනවා. අනිත් පැත්තෙන් පුරවැසියා මර්දනය වෙනවා. ගොවියා, ධීවරයා, කම්කරුවා මර්දනය වෙනවා. මේකට විරුද්ධව අපි එකතු වෙන්න ඕනේ. ඒ එකතු වීම සන්ධානගතවිමක් හෝ අලුත් දේශපාලන බලවේගයක් පිහිටුවීමක් නෙවෙයි. හැබැයි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහටත් පෞද්ගලිකවත් අපි ඕනෑම වෙලාවක පෙනී සිටිනවා.”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...