ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාවයට අදාළව..

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කර තිබිණි.

මෙම එකඟතාවයට එළඹීමට අදාළව පූර්ව වශයෙන් සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පාඨකයන් විසින් අප වෙත එවා ඇති අතර, ඒවා පහත දැක්වේ.

  1. ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලයේ අනුමැතිය මීට හිමිවේද?
  2. සඳහන් නොකළ මෙම ක්‍රියාපටිපාටීන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
  3. මීට අදාළව ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගත හැකිවේ ද?
  4. පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගී ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා බලධාරීන් සද්භාවයෙන්ම කටයුතු කරනු ඇති ද?
  5. ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය සහන ලබා ගැනීමට හැකිවේ ද? මෙය විදේශ විනිමය ණය හිමියන්ට පමණක් සීමා වන්නේ ද යන්න පැහැදිලි නැත.
  6. ණය තිරසාර බව සහතික කිරීම සහ මූල්‍ය හිදැස් පියවීම සඳහා බහු-පාර්ශ්වික හවුල්කරුවන්ගේ අමතර මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වේද?

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...