මම ඉපදෙනකොට ලංකාවට එංගලන්තෙටත් ණය දෙනවා – රනිල්

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සමත් වීම මෙරට ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන බවත්, බංකොලොත්භාවයෙන් මිදීම සඳහා සහ විදේශ ණය ගෙවීමේ අපහසුතාවයෙන් මිදීම සඳහා මුල්‍ය අරමුදලයේ දායකත්වය අතිශය වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරටට පැමිණ සිටින IMF නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

IMF සමග එකඟතාවයකට එළඹීම ජනතාවට යහපත් ජීවිතයක් උදා කිරීම සඳහා රජය දක්වන කැපවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියක් වනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මුල්‍ය අරමුදලේ සහයෝගය මත සමාජ ආර්ථික ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන බවත්, නව ආර්ථික පුනර්ජීවනයක ආරම්භය මෙය විය හැකි බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුව බවයි. ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තමන් උපදින විට කිසිදු රටකට ණය නොවී ආසියාවේ කැපී පෙනෙන ආර්ථිකයක් හිමි රටක් බවට ශ්‍රී ලංකාවට පත්ව තිබූ බවත් එංගලන්තයට ණය දීමට තරම් සමත් විදේශ සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව තිබූ බවත් ජනාධිපතිවරයා IMF නියෝජිතයන් සමග ප්‍රකාශ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර එක්කම නාමලුත් මාලදිවයිනේ සංචාරයක ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා...

හිටපු නාවික හමුදාපති CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පොතුහැර ප්‍රදේශයේදී සිදුව...

Celebrity Buzz: දැනට හොලිවුඩයෙන් ගිලිහුණු අමරණීය තරු කිහිපයක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්!

රෂිකා හෙන්නායක ජූලි 28 , කොළඹ LNW : අද (28)...