සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 අගොස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අගය 2026 ජූලි මාසයේ දී වාර්තා වී තිබුණේ සියයට 7.3ක් වශයෙනි.
මෙහිදී ආහාර උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගොස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.



