අද ජීවන වියදම දරාගන්න බැහැ. දේශීය ගොවියා, ව්‍යවසායකයා අසරණ වෙනවා, ව්‍යාපාර වැහෙනවා. – නාමල් රාජපක්ෂ

සැප්තැම්බර් 01, කොළඹ LNW :

“ආණ්ඩුවේ ඇමතිවරුන්ට අසීමිත පීඩනයක් තියෙනවා විශේෂයෙන්ම මේ 22ක් ගෙනැල්ලා ඒක සම්මත කරගන්න ගිහිල්ලා. නීතිඥ සංගමය තරහ කරගෙන, මහාධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් තරහ කරගෙන, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ වෘත්තිකයෝ. මේ හැම කෙනෙක්වම තරහ කරගෙන ඒ 22ක් සම්මත කරගන්න යනවා ” – නාමල් රාජපක්ෂ

ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.08.31 දින තංගල්ලේදී රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජප්ක්ෂ මහතා,

මා ස්තූතිවන්ත වෙනවා අද මේ කොට්ඨාස රැස්වීම ඔබතුමන්ලා සංවිධානය කිරීම පිළිබඳව.
විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය, අඟුණකොළපැලැස්සේ ඔබතුමන්ලා මුණගැහෙන්න එන්න අවස්ථාව ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.
අපි අද ගමෙන් ගමට යනවා. මේ වන විට ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවලට අපි පක්ෂයක් විදිහට ගමෙන් ගමට ගියා. අද අපි දකිනවා පහුගිය මැතිවරණවල අපෙන් ඈත් වෙච්ච බොහෝ පිරිස් අද අපේ හාමුදුරුවනේ අපේ කඳවුර එක්ක නැවත වතාවක් අත්වැල් බැඳගන්නවා. එක පැත්තකින් අප කෙරෙහි තියෙන විශ්වාසය, සහ ඒ වගේම ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය.


ඉතිහාසයේ වැඩියෙන්ම බොරු කියපු ආණ්ඩුවක් තියෙනවා නම්, බලයට එන්න බොරු කියපු පුද්ගලයෙක් ඉන්නවා නම්, බලයට බොරු කියලා ඇවිල්ලා බලයේ රැඳී පවතින්නත් බොරු කියන කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි අපේ වර්තමාන අතිගරු ජනාධිපතිවරයා.
අසීමිත බොරු කිව්වා. මඩ ගැහුවා. තරුණ පරම්පරාවට බොරු බලාපොරොත්තු දුන්නා. බොරු බලාපොරොත්තු දුන්නා පමණක් නෙවෙයි බලයට ඇවිල්ලා ඒ සියලු බලාපොරොත්තු බිඳවට්ටන්න කටයුතු කරා.

සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවනේ ජනතාවට කාලයක් යන්න ඕනේ ආණ්ඩුවක් එපා වෙන්න. එහෙමනේ?
හැබැයි මේ ආණ්ඩුවට බලයට ආපු දවසේ ඉඳන් ජනතාව එපා වෙලා තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත. උපාධිධාරී තරුණයෝ ගිහින් රැකියා ඉල්ලගෙන, ගහලා පැන්නුවා. ලක්ෂ 12ට වාහනයක් ගන්න ගියා තරුණ පරම්පරාව. මොකක්ද කාර් එක? විට්ස් කාර්. අන්තිමට මොකක්ද වුණේ? එහෙම එකක් කිව්වේ නැහැ කියන තැනට ආවා. ලාබෙට බයිසිකල් ගන්න ගියා ජපන් බයිසිකල්,
ගොවියාගේ වී කිලෝ එක 150ට පන්නලා දෙනවායි කියලා කිව්වා. දැන් විකුණගන්න විදිහකුත් නැහැ. ආණ්ඩුව ගොයම් කැපෙන කාලේ බලලා පිටරටින් හාල් ගේනවා. වී විකුණගන්න පුළුවන්ද? දැන් ආණ්ඩුවේ ඉන්නේ පුංචි බබාලා. කියන්නේ මේක තේරුම් ගන්න බැරි කට්ටියක් ඉන්නේ. එහෙම තමයි ආණ්ඩුව දැන් හැසිරෙන්නේ.

මේ මාධ්‍යවේදී සහෝදරවරු ඇවිල්ලා මයික් එක ඇල්ලුවාම, මයික් එක දිහා බලලා අහක බලාගන්නවා. අර පුංචි බබාලාට කිරි බෝතලේ දුන්නාම අහක බලාගන්නවා වගේ, මයික් එක බැලුවා අහක බලාගත්තා. අද ළමයි වගේ හැසිරෙන්නේ. අපි දන්නවා, ආණ්ඩුවේ ඇමතිවරුන්ට අසීමිත පීඩනයක් තියෙනවා විශේෂයෙන්ම මේ 22ක් ගෙනැල්ලා ඒක සම්මත කරගන්න ගිහිල්ලා. නීතිඥ සංගමය තරහ කරගෙන, මහාධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් තරහ කරගෙන, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ වෘත්තිකයෝ. මේ හැම කෙනෙක්වම තරහ කරගෙන ඒ 22ක් සම්මත කරගන්න යනවා.


ජනාධිපතිවරයාට ඒක සම්මත කරලා ඕනේ කියනවා. අනේ ඉතින් ඇමතිවරයා, ජනාධිපතිවරයා කියන ඕන එකක් කරන්න උත්සාහ කරනවා. අපිට තේරෙනවා ඇමතිතුමා සමහරවිට මානසිකව වැටිලා ඇත්තේ. සාධාරණයි මයික් එකක් දැක්කාම තරහ යන එක. මොකද ඒ මනුස්සයාට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා, මේ රඟපාගෙන හිටපු කෙනෙක්ව ගෙනැල්ලා පාර්ලිමේන්තුවට දැම්මාම. චිත්‍රපටයක් කරගෙන, රඟපාගෙන, විනෝද වෙලා හිටපු කෙනෙක්ව ගෙනැල්ලා මේ ඇමතිකම දුන්නාම ඒ අමාරුව දැනෙනවා.
හැබැයි ඒකට රටේ ජනතාව පලි නැහැ.

කෘෂිකර්ම ඇමතිවරයාගෙන් කෘෂිකර්මාන්තය ගැන ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න බැරි වුණා කියලා ගොවියෝ පලි නැහැ. අධ්‍යාපන ඇමතිවරියගෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන්, විභාගය සම්බන්ධයෙන්, ගුරු මාරුවීම් සම්බන්ධයෙන්, පාසලේ යටිතල පහසුකම් ගැන ප්‍රශ්නයක් ඇහුවාම අගමැතිවරියට තියෙන පීඩනය සම්බන්ධයෙන් ජනතාවට දඬුවම් ඕනේ කරන්නේ නැහැ ඒකට. දඬුවම් විඳින්නේ ඊට වඩා පීඩනයකින්. ගොවියා ඉන්නේ ඊට වඩා පීඩනයකින්. තරුණයා ජීවත් වෙන්නේ ඊට වඩා පීඩනයකින්.


ආණ්ඩුව මේවට උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුව මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ, ප්‍රශ්නවලින් මගහරින්න, හැංගෙන්න, තර්ජනය කරන්න, බය කරන්න, නඩු දාන්න, අධිකරණය පෙන්නන්න, උසාවිය පෙන්නන්න, හිරගෙදර පෙන්නන්න, පොලීසිය ලවා ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න.නැහැ ඒ සෙල්ලම් හරියන්නේ නැහැ.ආණ්ඩුව තමන්ගේ වගකීම් ඉටු කරන්න ඕනේ. බැරි නම් ආණ්ඩුව කියන්න ඕනේ අපිට මේක කරගන්න විදිහක් නැහැ කියලා. වගකීමෙන් පැහැර හරින්න බැහැ.


අද එක පැත්තකින් වරායේ කන්ටේනර් පන්නනවා. අපිත් බැලුවා එකපාරට කොහොමද කන්ටේනර් තුන් හාරසියයක් පන්නන්නේ වරායෙන්? ජනාධිපති ලේකම් විදිහට පත් කරලා තියෙන්නේ කන්ටේනර් පන්නලා පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහු වැරදිකරු වෙලා වාර්තාවකුත් තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා ඒ වාර්තාව හංගලා, ඒ වාර්තාව හංගලා ඒක ක්‍රියාත්මක නොකර, ඒ වාර්තාව නීතිය හමුවට ගෙනැල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැතුව ඒක හංගලා ඒ පුද්ගලයාව ජනාධිපති ලේකම් බවට පත් කරා. දැන් ඉතින් කන්ටේනර් පන්නනවා, පුරුද්දනේ.


මුදල් අමාත්‍යාංශයට ගේනවා ලේකම්වරයෙක් පාර්ලිමේන්තුවෙන් අයින් කරලා. පාර්ලිමේන්තුවෙන් අයින් කරලා ගේන්නේ, පත් කරපු දවසේ ඉඳන් හැකර් කෙනෙක් පනිනවා ගිණුමට. වැරදි ගිණුමකට සල්ලි දාන්නේ. හරි අහඹු සිදුවීමක්,එහෙම වැරදීමෙන් සිද්ධ වෙනවාලු. එහෙම වරදින්නේ කොහෙද මුදල් ලේකම්ට, ආණ්ඩුවකට, මහ බැංකුවට? මහ බැංකුවට, මුදල් අමාත්‍යාංශයට, මුදල් ලේකම්ට කියන්න පුළුවන්ද ‘අනේ වැරදීමකින් වෙන ගිණුමකට සල්ලි දැම්මා’ කියලා? නැහැ, එහෙම කියන්න බැහැ.

දැන් වී මිලදී ගන්නවා කියලා, හැබැයි වී ආණ්ඩුවට ගත්තට සල්ලි දෙන්නේ නැහැ තාම. මේ දීලා නැහැ නේද? දවස් දහයකින් සල්ලි දීලා නැහැ. ඒ ගන්නේත් අඩුවට, වී කිරන්නේ අඩුවට. අඩුවට කිරන වී ටිකවත් ආණ්ඩුවේ ගබඩාවට ගත්තා කියලා සල්ලි දෙන්නේ නැහැ ගොවියාට. ගොවියා දවස් දහයක් පහළොවක් බලන් ඉන්න ඕනේ ආණ්ඩුවෙන් සල්ලි ටික දෙනකම්. ඇහුවාම කියන්නේ බිලියන ගාණක් සල්ලි තියෙනවා, ට්‍රිලියන දෙක තුනක් සල්ලි තියෙනවා කියලා.

දැන් මම දැක්කා ජනාධිපතිතුමා නේපාලයටත් ආපදාවලට ඩොලර් මිලියනයක් දෙනවා කියලා. ඒකටත් පොල්ල තියෙයිද දන්නේ නැහැ ගොවියාට කරනවා වගේ. එහෙමනම් කරන්න එපා ජනාධිපතිතුමා. තහඩුවකට ලක්ෂ 10ක් දෙනවා කිව්වා, ඉඩම්වලට ලක්ෂ 50ක් දෙනවා කිව්වා, ගෙදරට 50යි. ඒකෙ අනික් කතාවද දන්නේ නැහැ නේපාලයට පොරොන්දු වුණේ! අපේ අයට බොරු කියලා මදිවට දැන් නේපාලයටත් බොරුවක් කියනවාද දන්නේ නැහැ.


ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා ජනතාව රවට්ටුවා ඇති දැන්. කරුණාකරලා වී ගත්තනම් සල්ලි දෙන්න.

තෙල් මිල අඩු කරනවා කියලා බලයට ආවේ, බදු අඩු කරනවා කියලා බලයට ආවේ.ආපු දවසේ ඉඳන් බද්ද එන්න එන්න වැඩි කරනවා. අද ජීවන වියදම දරාගන්න බැහැ. දේශීය ගොවියා, ව්‍යවසායකයා අසරණ වෙනවා, ව්‍යාපාර වැහෙනවා.
දැන් තේවල දළු මිල ගැන කතා කරා. බලයට එනකොට කිව්වේ තේ දළුවලට 400ක් දෙනවා කිව්වා. මේ යන විදිහට තේ දළුවලට 400 කෙසේ වෙතත්, කඩේ කිරි තේ එක නම් 400ට යයි වගේ. තේ දළු 400ට, කුඩා තේ වතු හිමියාගෙන් 400ට තේ දළු ගන්න එක කෙසේ වෙතත්, කඩේ කිරි තේ එක නම් 400ට යන පාටක් පේනවා මේ යන විදිහට. ඇයි දිනෙන් දින වැඩි කරනවා! ඒ පීඩනය ජනතාව පිට දාන්නේ. ආණ්ඩුවට වගකීමක් තියෙනවා යම් තාක් දුරකට ජීවන වියදම පාලනය කරන්න. හැබැයි මේ ආණ්ඩුව ඒවට උත්සාහ දරන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒවට උත්සාහ දරන්නේ නැහැ.

පහුගිය ආණ්ඩු කාලයේ සෙවනගල ලාභ ලබපු ව්‍යාපාරයක්. අපේ හාමුදුරුවනේ, ගොවියාට වෙලාවට අස්වැන්නට ගෙව්වා. සේවකයාට බෝනස් එක දුන්නා. පඩි වැඩි කරුවා. දැන් පඩි වැඩි කරනකොට, ගොවියාට ගෙවනකොට වෙලාවට අස්වැන්නට, සේවකයාගේ බෝනස් එක දෙනකොට මොකක්ද කිව්වේ? ‘පහුගිය ආණ්ඩුව හොරා කෑවා’ කිව්වා. දැන් අලුත් ආණ්ඩුවක් ආවා. බෝනස් එක දෙන්නේ නැහැ. බේසික් එක, මූලික පඩිය අඩු කෙරුවා. ගොවියාගේ අස්වැන්නට වෙලාවට ගෙවන්නේ නැහැ.
මේ පිළිබඳව සේවකයා ‘අපිට අපේ අයිතිය දෙන්න, අපිට අපේ ලාභය දෙන්න, දැන් හොරකම් නැවැත්තුවා කියනවා, පහුගිය ආණ්ඩුව හොරකම් කරපු හින්දා ලාභ ලබන්න බැරි වුණා කිව්වට ලාභ ලබපු ආයතනය තව ලාභ අසීමිත කරන්න පුළුවන්’ කියලා තමයි එදා පෙන්නුවේ. දැන් මොකක්ද වුණේ? දැන් ගොවියාගේ පඩිය, ගොවියාගේ අස්වැන්නට ලැබෙන මුදල කෙසේ වෙතත්, සේවකයාගේ පඩිය කෙසේ වෙතත්, බෝනස් එක කෙසේ වෙතත් සෙවනගල වහලා.

දැන් මේ හොරු අල්ලන්න ආපු අය, අර පික්පොකට් න්‍යා. සෙවනගල පාඩු කරලා වැහුවා. උපක්‍රමශීලීව සැලසුම් සහගතව සේවකයන්ව පාරට ඇදලා දැම්මා. සේවකයන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. පටන් ගත්තේ වැඩ කරන, පීඩිත ජනතාවගේ ආණ්ඩුවක් හදනවා කියලා. අන්තිමට ආණ්ඩුව හැදෙන්නේ ධනපති පැලැන්තියට. කෝටිපති ව්‍යාපාරිකයන්ට ඇහුම්කන් දෙනවා. කෝටිපති ව්‍යාපාරිකයෝ ආණ්ඩුවට උපදෙස් දෙනකොට, ඒ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය මත බදු ප්‍රතිපත්තිය ආණ්ඩුව හදනවා. කෝටිපති ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය මත ආර්ථික ප්‍රතිපත්තියක් හදනවා. තව නොබෝ දිනක් යනකොට පැලවත්තත් හිමීට ඔය එක ව්‍යාපාරිකයෙක්ට දීලා දායි. එතනට අවශ්‍ය සැලසුම ආණ්ඩුව හදනවා.

ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි… අපි මේ ගම්වල වැඩ කරලා තියෙනවා. අපි එදා පොරොන්දුවක් වුණානම් අපි ඒක ඉෂ්ට කරලා තියෙනවා. අපි කරන්න බැරි දේවල් කිව්වේ නැහැ, අපි ඇත්ත කතා කරා. අපි යථාර්ථයට මුහුණ දුන්නා. ඔබ අපි ඒ සංවාදාත්මක දේශපාලන පසුබිම තුළ ගොඩනැඟුණේ. පහුගිය කාලයේ අපි දුරස් වුණා, අපි ගත්තු සමහර තීන්දු ඒකට බලපෑවා. හැබැයි අපි තීන්දු ගත්තේ ජනතාවගේ පැත්ත හිතලා මිසක් වෙනත් ව්‍යාපාරිකයෙක්ගේ අවශ්‍යතාවය මත නෙවෙයි. මහා පරිමාණ සමාගම්වලට ඕනේ විදිහට අපි තීන්දු ගත්තා නම්, මේ ආණ්ඩුව කරනවා වගේ අපිට ඒ හැම පීඩනයක්ම ජනතාව පිට පටවලා, ඒ සමාගම්වලට අසීමිත ලාභ ලබන්න දීලා බලන් ඉන්න තිබ්බා. අපි එහෙම කරේ නැහැ.
අපි සංවර්ධනය කරා. දැන් මේ අධිවේගී මාර්ගයේ බල්ලෝ බලල්ලුන්ට පාර මාරු වෙන්න බැහැ කිව්වා. ඇඹුල්තියල් ගෙනියන්න කිව්වා මහින්ද මහත්තයා හයිවේ එක හදන්නේ. මම දැක්කා ඇඹුල්තියල් ගෙනියන්න ආපු පෝලිම ගිය සතියේ! කෝටි 12ක ටිකට් කඩන් ඇඹුල්තියල් ගෙනියන්න ඇවිල්ලා, දවස් දෙකකට! විපුල ඇමතිතුමා මේ ඇඹුල්තියල් හොඳට යනවා ඇති මේ දවස්වල! මාළු ඔක්කොම SMS එක ගහනවා, මාළුවාට ගහන්නේ SMS එක දැන් බෝට්ටුව එනවා උඹ පලයන් කියලා.
ඒ දවස්වල කොහොමද කිව්වේ? මාළුවා ඉන්න තැන SMS එකෙන් කියනවායි කිව්වා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අපේ කාලේ SMS එක එන්නේ නැහැ. ඉතින් අපිත් බැලුවා ඇයි කියලා, යන එකාට මාළුවා අහුවෙන්නෙත් නැහැ. බලනකොට මුන් SMS එක ගහන්නේ මාළුවාට.ඔන්න බෝට්ටුව එනවා උඹ පලයන් දැන්’ කියලා. ඉතින් එහෙම අසීමිත බොරු කිව්වා, වෛරය පැතිරෙව්වා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...