සුවසත් දේශයකට ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක ඇරඹුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, කොළඹ LNW :

ශ්‍රී ලංකාව පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය යටතේ, මධ්‍යස්ථාන 10ක් සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මහජනතාවට වඩාත් ගුණාත්මක සහ සමීප ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි. මේ වසර සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇති අතර, දැනට පවතින රජයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් මෙම මධ්‍යස්ථාන කඩිනමින් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.

දෙසැම්බර් මාසය වන විට වත්මන් ඉදිකිරීම් අවසන් කිරීමටත්, ලබන මාසයේදී තවත් මධ්‍යස්ථාන 25ක වැඩ ආරම්භ කිරීමටත් රජය සැලසුම් කර ඇත.

එක් මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 50ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, මේ හරහා දිවයින පුරා සිටින දහස් සංඛ්‍යාත ජනතාවකට සෙත සැලසේ.

මෙම මූලික සෞඛ්‍ය මධ්‍යස්ථාන ජාලය මගින් මෙරට පොදු සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කිරීමට බලධාරීන් බලාපොරොත්තු වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...