අගෝස්තු උද්ධමනය සහ පොලී අනුපාතික ගැන ….

Date:

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය 4.0% දක්වා පහත වැටී තිබෙනවා. මෙය මහ බැංකුවේ දිගුකාලීන උද්ධමන ඉලක්කය වන 4%-6% පරාසයේ පහළම සීමාවයි. ඉදිරි මාසයේදී මෙම අගය ඉලක්ක සීමාවෙන් පහතට වැටෙන බව ඉතාම පැහැදිලි අතර ශුන්‍ය මට්ටමට වුවද ආසන්න විය හැකියි. එමෙන්ම මෙම මාසයේ උද්ධමනය වුවද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මීට වඩා අඩු මට්ටමක පැවතිය යුතුයි. අඩු වශයෙන් වසර අවසාන වන තුරු උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක සීමාවෙන් පහළ රැඳී තිබිය හැකියි.

මේ වන විට පවතින උද්ධමනය හා සැසඳූ විට පොලී අනුපාතික තිබෙන්නේ සෑහෙන තරම් ඉහළ මට්ටමකයි. අඟහරුවාදා දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 150ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා ගත හැකි වූ ප්‍රමාණය රුපියල් බිලියන 108ක් පමණයි. ඒ වෙනුවෙන් පෙර සතියට වඩා තරමක් වැඩි පොලියක් භාර ගන්නටද සිදු වුනා. පෙර සතියේදී 17.97% මට්ටමේ පැවති දින-91 ඵලදා අනුපාතය 18.48% දක්වා ඉහළ ගොස් තිබුණු අතර අනෙකුත් කල් පිරීම් වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබුණා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම තෙවන වරටද කල් යාම නිසා ඇති වූ වෙළඳපොළ අවිනිශ්චිතතාව මීට හේතු වී ඇති බව පෙනෙනවා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිස් විලාසිතා සතියේ සොඳුරු දසුන්…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රිස් විලාසිතා...

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...