කළු මුහුදේ ධාන්‍ය අපනයනය නවතීද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ, කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය ආරක්ෂිතව අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුවක් නැවත පණ ගැන්වීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට නිශ්චිත යෝජනා මාලාවක් යවා ඇති බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර එම හමුවේදී කළු මුහුදේ ධාන්‍ය අපනයනය ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි.

තවද, රුසියාව පසුගිය ජූලි මාසයේදී ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත්ව තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, කළු මුහුදේ ධාන්‍ය ගිවිසුම 2022 පෙබරවාරියේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග වඩාත් නරක අතට හැරුණු බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්න්වා දෙන්නේ, රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකම ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවන් වන අතර මෙම ගිවිසුම අහෝසි කිරීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයකට ඉඩ ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...