සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටින්නේ ලබන සතිය මුල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.
එහි සඳහන් වන්නේ , මෙම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇති බවයි.
පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්වුණු අතර , ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක්(278196) ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක්(53513) ද සහභාගි වී සිටියහ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??