ඉන්ධන පිරවුම්හල් නියාමනයට විශේෂ නියෝජිතයින්!

Date:

කොළඹ LNW:ඉන්ධන පිරවුම්හල් නියාමනය සදහා විශේෂ නියෝජිතයන් පත්කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමඟ අදාළ ආයතනයන්හි කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සිදුකළ සාකච්ජාවේදීය.

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී, තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් නියාමනය සඳහා විශේෂ නියෝජිතයන් පත්කිරීමට උපදෙස් ලබා දුන් අතර නව ඉන්ධන හල්වල අවශ්‍යතාව හඳුනාගැනීමට අවශ්‍ය වාර්තාවක් සපයනය ලෙස සහ නව ඉන්ධන හල් වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු නිර්ණායක නැවත ලැයිස්තුගත කිරීමට උපදෙස් ලබා දී තිබුණි.

ඉන්ධන ආනයනය සැලසුම,ඉන්ධන ගබඩා පහසුකම් පුළුල් කිරීම, ලිහිසි තෙල් බෙදා හැරීම සිපෙට්කෝ ජාලය මගින් පුළුල් කිරීම, ගුවන් යානා ඉන්ධන තරඟකාරී මිලකට පවත්වාගෙන යාම, පිරිපහදුවේ සංවර්ධන කටයුතු, විද්‍යුත් ප්‍රසම්පාදන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම, වෝහාරික විගණනයන් අවසන් කිරීම, සේවක උසස්වීම් සහ ඇගයීම් පටිපාටිය සම්බන්ධ වැඩපිළිවෙල පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...