හිටපු ජනාධිපති මෛත්‍රීට එරෙහි පෙත්සමක් විභාගයට දින නියම වේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් ගොනු කල පෙත්සමකි.

අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවා ඇති අතර, වගඋත්තකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී කියාසිටියේ තම සේවා දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටි බව පැවසේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 27 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළ බව පැවසේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...