රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):
ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ශක්තිමත් පදනමක් අවශ්‍යවන්නා සේම තමා ජනවරමක් ඉල්ලා සිටින්නේ ශක්තිමත්ව එය ඉදිකිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අද අවස්ථාව ලැබී ඇත්තේ තමන් රට තුළ ඇතිකළ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා තවත් ජන රැළියක් කැකිරාව මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්සයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම ජන රැළිය ඇමතුවා.