මරණ දඬුවමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):

ඌව පළාත් මහාධිකරණයේ දී විභාග වූ මිනීමැරුම් නඩුවක එම විත්තිකරු වැරදිකරු බව තීරණය කළ විනිසුරු ප්‍රසන්න අල්විස් විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළේ යැයි ඇඟේ සැමියාට එරෙහිව පනවා තිබූ නඩුවකට අදාළවයි.

බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේ දී 2010 ජූනි මස 19 වනදා 35 හැවිරිදි අදාළ කාන්තාවක් ඝාතනය කළේ යැයි ඇඟේ ස්වාමි පුරුෂයාට විරුද්ධව බදුල්ල පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබුණි.

සැකකරු හා මරණකාරීය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට අනියම් ප්‍රේම සබඳතාවයක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇඟේ පාදයකට පහර දී ඇති බවත් නඩු විභාගයේ දී අනාවරණය වුණි. අසල්වැසියන් විසින් ඇය ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කන්දගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට යවා තිබූ බව ද සාක්ෂිවලින් අනාවරණය විය. එහිදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධිකරණ විශේෂ වෛද්‍ය එන්.එම්. රූල්හක්ගේ සාක්ෂිවලට අනුව මරණකාරියගේ පාදයක තුවාල දෙකක් තිබූ බවත් එක තුවාලයක මාංශ පේශී අජීවි බවට පත්ව අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවටත් හෙළිවුණි. සැකකරුට විරුද්ධව ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකකයකින් තොරව ඔප්පුකර ඇති බැවින් විනිසුරුවරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, ඔහුට මරණ අඬුවම නියම කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...