වසර 9කට පසු විමල්ගේ තුම්මුල්ලේ නඩුව විභාගයට දින දෙයි

Date:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී තුම්මුල්ල හන්දිය අවහිර කරමින් මහජනයාට පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව 2025 නොවැම්බර් 10 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2016 පෙබරවාරි 06 වනදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල හන්දිය ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නියැළීමෙන් මහජන පීඩාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මංමාවත් පනත යටතේ සහ පොලිස් ආඥා පනත යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

විවිධ හේතූන් දක්වමින් වීරවංශ මහතා අධිකරණය නොපැමිණීම ඇතුළු සිද්ධි ගණනාවක් මත වසර ගණනක් තිස්සේ මෙම නඩුව විභාගයට ගැනීමෙන් තොරව කල්යමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...