දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW:

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය එක්ව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.

අද(02) දින එහි පළමු වැඩසටහන ගාල්ලෙන් ආරම්භ වූ අතර, Star Garments මුල්‍ය දායකත්වයෙන් ගාල්ල තල්පෙ දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ඇරඹිණී.


මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම වේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  ධිවර සහා ජලජ සමිපත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ,  COPE කමීටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය නිශාන්ත සමරවීර, දුම්රිය සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ලලිත් ලක්මීන සමරසේකර ඇතුලු පිරිසක් සහභාගි වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...