පොතක් කියන්නෙම ආදරණීයම හිතක් : “අයෝමත්‍ර” ජනගත වූදා…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW:

පොතක වරුණ…..

ලක්හඬ ගුවන්විදුලියේ හිටපු සහකාර වැඩසටහන් කලමණාකාරිනී, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී, ලේඛිකා මයුරි ලියනගේ ලියූ.. ‘අයෝමත්‍ර’ තම දෙපයින් නැගී සිටින , ශක්තිමත් කාන්තා පෞරුෂයටම පමණක් ලියූ අපූරු නවකතාවක් කීවොත් නිවැරදියි.

මහවැළි කේන්ද්‍රයේ දී අගෝස්තුවේ 30 සුන්දර සෙනසුරාදා දින සාහිත්‍යමය සැන්දෑවක පොත්වලට ආදරය කරන සුන්දර හදවත් වලින් පිරි ඉතිරී ගියේ ඉතාමත් සතුටින් සහ හරබර කතා ගොන්නක්ද සමඟිනි.



” සුවඳියේ වරෙන් මේ ගහ ළඟට ඩිංගක්.ඕන් ඔය කොටේ උඩින් ඈඳගනින්. රෑ බෝ වුණාට කම් නෑ.උඹ මම ඇරලවන්නට නාවත් මේ මග මහ දවාලට වගේ ඕන රෑක ගියෑකි. මට අතුරු ආන්තරාවක් කොරන්ට කාටවත් බෑ කෙල්ලේ…” (නංහාමි)

ශක්තිමත් කාන්තාවක් ලෙස ජීවිතයේ අනේකවිද දුක් ගැහැට සහ කල්කටොලු අතරින් වුවද සිනාසී ඉදිරියට යන්නේ කෙසේදැයි ඉතාමත් සූක්ෂම ලෙස ගැමි රසැතිව සරල බසින් මයුරී ලියන්ගේ නම් ඇය තම සහෘදයන් වෙත “අයෝමත්‍ර” හදවතම සමීප කරවා ඇත. ඒ ඇය තුළ ඇති හැකියාව මනාව ඉස්මතු වන්නකි.

“අයෝමත්‍ර” කළුගල් වල ඔළුව ගහගන්න තරම් පුළුවන් වුණු ඒත් වටිනා කිසිදෙයක් නැති කර නොගත්තු, සියළු ගැහැනුන්ට මේ පොත ගෞරවයෙන් සහ දයාවෙන් පුදන්නේ ඒ නිසයි” මයුරි ලියනගේ…


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...