චීන-රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්!

Date:

කොළඹ LNW: චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වුණා. ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී.

චීන-රුසියානු සබඳතාව විවිධ ජාත්‍යන්තර පරිවර්තන අභියෝගයන් හමුවේ, පොදු ජයග්‍රාහී සහයෝගීතාවක් සහිත සබඳතාවක් සඳහා ආදර්ශයක් බවට පත්ව ඇති බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නා.

දෙරට නායකයින් දෙපාර්ශ්වයේම ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ අනුස්මරණ උත්සවයට එක් වීමෙන්, දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන ජයග්‍රාහකයින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ලෙස දෙරට වගකීම ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කළා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ තමාගේ නායකත්වය යටතේ, රුසියානු – චීන සබඳතා ඉහළ උපායමාර්ගික වැදගත්කමක් පෙන්නුම් කර ඇති බවත්, එය ඓතිහාසික ඉහළම මට්ටමකට පැමිණ ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා එහිදී පැවසුවා. ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “ගෝලීය පාලන මුලපිරුම” අතිශයින්ම කාලෝචිත මෙන්ම නූතන ලෝකයට අවශ්‍ය වන අතර ගෝලීය පාලන හිඟය පියවීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...