එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ (1)තීරණය කරනු ලැබූ බව සඳහන් වේ.


කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.


එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹිනැයිද එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...