*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ලංකාව නයි නටවන්නේ නැතුව හඬවයි

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ආකර්ශණියම සහ උධ්වේගකරම තරගය බවට පත් වූ ශ්‍රී ලංකා – බංගලාදේශ තරගයේ අවසානය “ශ්‍රී ලංකාවට කඩුලු දෙකක ජයක්” හැටියට තීරණය විය.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දුවට පහර දීමට බංගලාදේශයට කළ ආරාධනය පළමු කඩුල්ලේ නිමාව ලකුණු 19 දී සිඳුවුව ද,ඔවුන් ලකුණු ලබා ගැනීමේ වේගය මැනවින් කළමණාකරණය කරගෙන ගියේය.වනිඳූ හසරංග පළමු පන්දු ඕවරයේදී එය පාලනය කිරිමට සමත් වුවත්,අසීෆ් හොසේන් සහ මහමදුල්ලා එම පීඩනය බිඳ දැමීමට සමත් විය.චාමික කරුණාරත්න ද පළමු ඕවරයේම යම් පීඩනයක් එල්ල කළ ඳ දෙවන පන්දු ඕවරයේ දැඩි ප්‍රහාරයකට ලක් විය.නමුත් පසුව ඉතිරි පන්දු වාර දෙකට ද චාමිකව කැඳ වූ දසුන් ශානකට එය යහපත් ප්‍රතිපලයකින් කෙළවර කර දෙන්නට සමත් වූ චාමික ලකුණු 32 ට කඩුලු 2 ක් දවාලීය.

බංගලාදේශ ඉණිම ලකුණු 200 ද ඉක්මවා යන බවක් දකින්නට ලැබුණ ද,අසීෆ් හොසේන් ගේ සහ මහමදුල්ලාගේ කඩුලු එක ළඟ අහිමි වීම බංගලාදේශ ඉණිම ලකුණු 183 ට සීමා කරන්නට හේතු විය.නමුත් තරගයේ අවසාන මොහොතේදී ඇෆ්ගනිස්තාන තරගයේදී ද හොඳ ඉණිමක් ක්‍රීඩා කළ මොසැද්දික් හොසේන් පන්දු නවයක් තුළ නොදැවී ලකුණු 24ක් ලබමින් ද,ටෂ්කින් අහම්ඩ් පන්දු 6 ක් තුළ ලකුණු 11 ලබමින් ද පන්දු 11 ක් තුළ ලුනු 24 ක නොබිඳි සබඳතාවයක් අටවන කඩුල්ලට එකතු කරමින් බංගලාදේශ ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 183 ක් බවට පත් කරන්නට සම්ත් විය.

වනිඳු සහ චාමික කඩුලු දෙක බැඟින් දවා ගත්තත්,බංගලාදේශය වියරුවෙන් මෙන් ලකුණු සොයමින් සිටි අවස්ථාවන් හොඳින් පාලනය කළ ඩිල්ෂාන් මධුශංඛ හොඳ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26 ට සිය පන්දු වාර 4 නිමා කරමින් කඩුල්ලක් දවා ගන්නට ද සමත්වීම කැපී පෙණින.එය අනාගතයට වටිනා සළකුණකි.
ලකුණු 183 යනු ඉවසීමෙන් සහ වේගයෙන් හඹා යා යුතු ලකුණු ප්‍රමාණයකි.එම පීඩනයෙන් ගොඩ ඒම සඳහා ආරම්භකි පිතිකරු යුගලය ගත් උත්සාහයේදී පැතුම් නිශ්ශංක කළබල තත්ත්වයට පත්වන විට පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 45 ක් ව පැවතිණි.පැතුම්ගේ දායකත්වය පන්දු 19 දි පැමිණි ලකුණු 20 න් නිමා විය.චරිත් හසලංක යළිත් වරක් අසාර්ථක වූ අතර ඔහුගේ දායකත්වය එක ලකුණකට සීමා විය.
බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකාවේ හොඳම සටන්කරුවා වන කුසල් මෙණ්ඩිස් ට ඊයේ වාසනාව ද එක් වී තිබීම නිසා ඔහු ජයග්‍රහණයේ මහා කන්දට ශ්‍රී ලංකාව තල්ලු කරන ඉණිමක් දියත් කළේය.පන්දු 37 ට මුහුණ දුන් කුසල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක ද දායකත්වය සහිතව ගොඩ නැඟූ ඉණිම ලකුණු 60 ක් විය.ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ ඔහු දැවි ගියේ පස්වන ක්‍රීඩකයා ලෙස ය.එසේම පස්වන කඩුල්ලට ඔහු දසුන් ශානක සමඟ ලකුණු 54 ක සබඳතාවයක් පන්දු 34 දී එකතු කරන්නද දායක විය.දසුන් පන්දු 33 න් ලකුණු 45 ක් එකතු කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ද ඇතුළත් කරමින්ය.
නමුත් ඊයේ දිනයේ ත් ඉතාම තිරණාත්මක මොහොතේදී චාමික වෙනුවට වනිඳු සම්න්ධයෙන් විශ්වාසය තබන්නට ශ්‍රී ලංකාව තීරණය කර තිබිණ.එහි ප්‍රතිපලය වූයේ ජයග්‍රහණය පිඩනයක් බවට පෙරළමින් ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව 16 වන ඕවරයේ තෙවන පන්දුවේදී කඩුලු 6 ට ලකුණු 139 ක් බවට පත් වීමය.අනතුරුව චාමික සහ දසුන් සමඟ පන්දු 14 දී ලකුණු 19 ක් එක් කරමින් ද,අනතුරුව දසුන්ගේ දැවි යාමෙන් ඉනික්බිති පන්දු හයක් තුළ ලකුණු 12 ක් ලබමින් ද පන්දු 10 දි ලකුණු 16 ක් දි ශ්‍රී ලංකාව ජයග්‍රහණය පැත්තට හරවන්න චාමික සමත් වන්නේය.නමුත් කඩුලු 8 ක් අහිමිව තිබුණ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් පරිදි කඩුලු නොපැවතීම පන්දු 7 ක් තුළ ලකුණු 14 ක් යන්න අභියෝගයක් බවට පත් විය.නමුත් පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු පන්දු 3 ක් තුළ ලකුණු 10 ක් ලබන්නේ තවත් පන්දු 4 ක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා දෙමින්ය.
ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් ළඟා විමට අසීරු ලකුණු පූවරුවක් ලැබෙන්න පන්දු රැකිමේදී දැකු වූ දුර්වලතාවයන් බෙහෙවින් හේතු විය.ආසන්න උඩ පන්දු අවස්ථා කිහිපයකම, උත්සාහ කිරීමට තිබුණු ඉඩ මඟ හැරුණේ පන්දුව කරා වේගයෙන් නෙපැමීණීම හේතුවෙන්ය.එසේම පන්දුව කරා වේගයෙන් නොපැමිණිම පදනම් කරගෙන බංගලාදේශයට එක ලකුණ ලකුණු දෙකක් දක්වා ද,ලකුණු දෙක ලකුණු 3 ක් දක්වාද පරිවර්ථනය කර ගන්නට හැකි අවස්ථා කිහිපයක්ම උදා විය.මේ දුර්වලතා නිසා කඩුලු වැටෙන්නට තිබුණු අවස්ථා මෙන්ම ලකුණු 10- 15 පමණ බංගලාදේශ ඉණිමෙන් අඩු කරගන්න තිබුණ අවස්ථා ද ශ්‍රී ලංකාවට අහිමි වූ බව ඉදිරි තරගවලදී තේරුම් ගෙන සිටීම වැදගත්ය.

දෙවන වටයේ ශ්‍රී ලංකාවට තරග තුනක් හිමිවන අතර එහි දි පළමු තරගයේ දි යළිත් ප්‍රතිවාදියා වන්නේ ඇෆ්ගනිස්තාන ය.දෙවන අවස්ථවේ දි අද තරගය ජයග්‍රහණය කිරීම අනුව පකිස්තානය හෝ හොංකොං හමුවීමට නියමිත අතර එය පකිස්තානය වීමට ඇති ඉඩ විශාලය.දෙවන වටයේ අවසාන මුණ ගැසීම සිඳුවීමට නියමිත ඉන්දියාව සමඟය.පළමු හමුවීම තුන්වන සෙනසුරාදා ඇෆ්ගනිස්තානය සමඟ සිඳුවෙද්දි ශ්‍රී ලංකාව පළමු තරගය සපුරාම අමතක කළ යුතුය.පරිස්සම් සහගතවිම මෙන්ම වේගවත්වීම ද මේ තරඟ ව්‍යහුය තුළ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග කරන විට දී අතිශයින් වැදගත්ය.

ගෙවෙන මොහොත සැළකිල්ලට ගෙන චරිත් හසලංක සහ චාමික කරුණාරත්න පන්දුවට පහර දෙන ස්ථාන කෙරෙහි යම් අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත.භානුකට සහ ධනුෂ්කට පහළට හසලංක රැඟෙන ඒමේ හැකියාව මෙන්ම චාමික වනිඳුට පෙර පන්දුවට පහර දීම ද මේ මොහොතේ පිතිකරුවන්ගේ රිද්මය සළකන වන විට වැදගත් විය හැකිය.ඊයේ දෙපසට දෝළනය වූ තරගයක තීරණය තමන්ට වෙනස් කළ හැකි බවට අසිත ප්‍රනාන්දු පිත්තෙන් පෙන් වූ දස්කම තරමටම වටින්නේ එම වෙනස කළ හැකි බවට ඔහුට තිබුණු විශ්වාසය ය.ඒ නිසා අසිත යනු 20/20 ආකෘතිය ඇතුළේ ද වැඩට හොඳ නිර්භීත සටන්කාමියෙක්ය යන්න ශ්‍රී ලංකාව සිහියේ තබා ගැනීම වැදගත්ය.

ශ්‍රී ලංකාව ගෙදර නෑවිත් තරගාවලිය තුළ රඳවන්නට නිරන්තරයෙන්ම පාහේ බංගලාදේශයට අහිතකරම දඩයක්කාරයා ලෙස ඊයේ ද සුපිරි ඉණිමක් දියත් කළ කුසල් මෙණ්ඩිස් ද,මේ තරගාවලිය තුළ ඉදිරියේ දි ශ්‍රී ලංකාවට දෙන දායකත්වය තරගාවලියේ ශ්‍රී ලංකාවේ ස්ථානය කුමක්ද යන්න තීරණය කිරිමටත් අතිශයින් වැදගත් වනු ඇත.බංගලාදේශයේ නාග රංගනය නොබලන්නට කුසල් ප්‍රමුඛ පිතිකරුවන් සිය පිත්තෙන් කරන ලද සහයෝගය නිසා අවසානයේ අපට නාග රංගනය දැක ගන්නට ලැබුණේ චාමික කරුණාරත්නගෙන් පමණක් වන අතර ඉදිරියේ දි ඔහු ද,තමන්ට මේ තරගාවලියේ වඩා පුළුල් ජයග්‍රාහී රංගනයකට තිබෙන ඉඩ අවබෝධ කරගෙන ක්‍රියා කිරීම වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan