මෙහෙම යන්න බෑ. ඇඟිල්ලක්, අතක් කපලා හරි ලෙඩා බේරාගන්න වෙනවා – රවී

Date:

ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම වශයෙන් රුපියල් බිලියන 1800ක් ලබාගෙන එයින් රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වශයෙන් බිලියන 1300ක් ගෙවමින් තවදුරටත් රටක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ලංකාව නිදහස අරගෙන අවුරුදු 75ක් තිස්සේ දැන් ආර්ථිකය එකතැන කැරකීමක් තමයි තිබෙන්නෙ. අපි දියවැඩියාව තියාගෙන දොස්තර ළඟට ගිහිල්ලා ඇහුවොත් මොනවාද කරන්නෙ ඕනෙ කියලා, එයා කියාවි ඔබට මැරෙන්න ඕනෙ නම් ඔහොම්මම ගත කරන්න. නමුත් ජීවත්වෙන්න ඕනෙ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි සමහරවිට, හැබැයි ඒකෙන් තමයි ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙ කියලා. දොස්තර ළඟට යන්න ඕනෙ ඕක අහගන්න. මෙන්න මේක තමයි අද ලංකාවට වෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාව ආදයම හැටියට බිලියන 1800ක් ලබාගෙන රජයේ පෙන්ෂන් සහ පඩි ටික බිලියන 1300ක් ගෙවලා කොයි ආකාරයෙන්ද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ ? ඉතින් මේක තව වැඩිවෙන්න වැඩිවෙන්න රටේ බංකොලොත්භාවය වැඩිවෙනවා. අපි ඒක බලාගෙන ඉන්නවාද ? හුඟක් දෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බනිනවා. නමුත් ඇත්ත තත්වය තමයි ඔවුන් කියන්නෙ අපට හිතන්න බැරි නිසා. අපි බයයි ක්‍රියාත්මක කරන්න. නමුත් අපි ක්‍රියාත්මක කළා නම් අද සතුටුදායක තත්වයක් තමයි ඇතිවෙන්නෙ”

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...