මෙහෙම යන්න බෑ. ඇඟිල්ලක්, අතක් කපලා හරි ලෙඩා බේරාගන්න වෙනවා – රවී

Date:

ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම වශයෙන් රුපියල් බිලියන 1800ක් ලබාගෙන එයින් රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වශයෙන් බිලියන 1300ක් ගෙවමින් තවදුරටත් රටක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ලංකාව නිදහස අරගෙන අවුරුදු 75ක් තිස්සේ දැන් ආර්ථිකය එකතැන කැරකීමක් තමයි තිබෙන්නෙ. අපි දියවැඩියාව තියාගෙන දොස්තර ළඟට ගිහිල්ලා ඇහුවොත් මොනවාද කරන්නෙ ඕනෙ කියලා, එයා කියාවි ඔබට මැරෙන්න ඕනෙ නම් ඔහොම්මම ගත කරන්න. නමුත් ජීවත්වෙන්න ඕනෙ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි සමහරවිට, හැබැයි ඒකෙන් තමයි ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙ කියලා. දොස්තර ළඟට යන්න ඕනෙ ඕක අහගන්න. මෙන්න මේක තමයි අද ලංකාවට වෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාව ආදයම හැටියට බිලියන 1800ක් ලබාගෙන රජයේ පෙන්ෂන් සහ පඩි ටික බිලියන 1300ක් ගෙවලා කොයි ආකාරයෙන්ද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ ? ඉතින් මේක තව වැඩිවෙන්න වැඩිවෙන්න රටේ බංකොලොත්භාවය වැඩිවෙනවා. අපි ඒක බලාගෙන ඉන්නවාද ? හුඟක් දෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බනිනවා. නමුත් ඇත්ත තත්වය තමයි ඔවුන් කියන්නෙ අපට හිතන්න බැරි නිසා. අපි බයයි ක්‍රියාත්මක කරන්න. නමුත් අපි ක්‍රියාත්මක කළා නම් අද සතුටුදායක තත්වයක් තමයි ඇතිවෙන්නෙ”

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...