ලිට්රෝ ගෑස් මිල තවත් අඩුවෙයි – 12.5KG නව මිල 4664 යි

0
674

ලබන සඳුදා සිට ගෑස් මිල තවදුරටත් පහත දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ලෝක වෙළඳපොලේ මිල පහළ යාමට සාපේක්ෂව මෙම සංශෝධනය සිදු කරන බවයි සභාපතිවරයා පවසන්නේ.

නව සංශෝධනය අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 4664 කි. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1872 ක් දක්වා රුපියල් 99 කින් පහත දමා ඇති අතර කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 869 ක් දක්වා 45 කින් පහත දමා තිබේ.

UN