22 ට එරෙහි පෙත්සම් විභාගය රාත්‍රී 10.30 දක්වා ඇදෙයි. වැඩිදුර දේශන අද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (01) පෙරවරුවේ ආරම්භ විය.

ඊයේ පස්වරු 10.30 පමණ වන තෙක්ම පෙත්සම්කාර පාර්ශ්වයේ දේශන ඉදිරිපත් කිරීම සිදුකෙරුණු අතර පෙත්සම් විභාගය අද (02) දිනය දක්වා කල්තැබීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.

අද දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකිරීමට නියමිත ය.

22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනුකර ඇත. ඒ අතරින් 41ක්ම ඔන්ලයින් ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයකි. එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ද පෙත්සම් 05ක් ගොනුකර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...