සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 02: බ්රිතාන්ය හිටපු අගමැති ශ්රීමත් කියර් ස්ටාමා සිය Holborn and St Pancras මැතිවරණ කොට්ඨාසයේ මන්ත්රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ස්ටාමර් පවසා ඇත්තේ, තමන්ට මන්ත්රී ධුරයෙන් ඉවත් වී ජාත්යන්තර කටයුතු, ආරක්ෂාව, ආරක්ෂක ප්රතිපත්ති, වෙළඳාම සහ තාක්ෂණය සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බවයි.
ඔහු මීට පෙර මන්ත්රීවරයෙකු ලෙස ඉදිරි මහ මැතිවරණය දක්වා කටයුතු කිරීමට බලාපොරොත්තු වූ නමුත්, දැන් එම තීරණය වෙනස් කර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.
මෙම අතුරු මැතිවරණය කෙරෙහි Green Party නායක Zack Polanski ද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. Labour පක්ෂයට සාම්ප්රදායිකව ශක්තිමත් වූ මෙම ආසනයේ තරගය නව අගමැති Andy Burnham ප්රමුඛ රජයටද වැදගත් දේශපාලන පරීක්ෂණයක් වනු ඇත.
ස්ටාමර් 2015 සිට Holborn and St Pancras ආසනය නියෝජනය කළ අතර, 2024 මහ මැතිවරණයේදී Labour පක්ෂය විශාල ජයග්රහණයකට නායකත්වය දුන්නේය. ඔහු 2026 ජූලි මාසයේදී අගමැති ධුරයෙන් ඉවත් වූ පසු Andy Burnham අගමැතිවරයා බවට පත්විය.

