ජර්මනියේ ලයිප්සිග් ගුවන් තොටුපළ ඩ්‍රෝන ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවට චෝදනා

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 02:
ජර්මානු රජය විසින් පසුගිය මාසයේ Leipzig/Halle ගුවන් තොටුපළේ සිදුවූ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන ප්‍රහාරයට රුසියාව වගකිව යුතු බවට චෝදනා කර තිබේ.

අගෝස්තු 4 වැනිදා යුක්රේන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සවි කළ ඩ්‍රෝන යානයක් හමුවී ඇති අතර, ජර්මානු ආරක්ෂක අංශ විසින් එය නිෂ්ක්‍රීය කර තිබේ.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Alexander Dobrindt සඳහන් කළේ පොලිස් පරීක්ෂණ, සිද්ධියේ රටාව සහ බුද්ධි තොරතුරු එකට සලකා බැලීමේදී ප්‍රහාරය සඳහා රුසියානු වගකීම තහවුරු වන බවයි. ඩ්‍රෝන යානයේ සැකසුම, භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි පද්ධති රුසියාව සම්බන්ධ වෙනත් “hybrid operations” සමඟ සමාන බවද ඔහු පැවසීය.

ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul පවසන්නේ මෙම සිද්ධිය හුදකලා සිදුවීමක් නොව, යුරෝපය තුළ රුසියාව සිදුකරන බවට ජර්මනිය චෝදනා කරන පුළුල් “hybrid attacks” මාලාවක කොටසක් බවයි.

සිද්ධියට ප්‍රතිචාර වශයෙන් ජර්මනිය බොන් නගරයේ රුසියානු කොන්සල් කාර්යාලය වසා දැමීමට, බර්ලිනයේ “Russian House” සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධ ගිවිසුම අවසන් කිරීමට සහ තවත් රුසියානු පුද්ගලයන්ට එරෙහි යුරෝපා සංගම් සම්බාධක සඳහා සහාය දීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, රුසියාව ජර්මනියේ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඒවා පදනම් විරහිත බවත් දේශපාලනිකව උසිගැන්වීමක් බවත් පවසා තිබේ. ක්‍රෙම්ලිනය ජර්මනියේ පියවර තවදුරටත් ආතතිය උත්සන්න කිරීමක් ලෙසද විවේචනය කර ඇත.

මෙම සිද්ධිය යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාව සහ ජර්මනිය අතර දැනටමත් පවතින ආරක්ෂක හා දේශපාලනික ආතතිය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...