මෙනින්ගොකොකල් ගැන බයවෙන්න එපා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇත්තේ ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බවයි. ඒ ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තවද, කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන අතර මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙනින්ගොකොකල් බැක්ටීරීයාව ආසාදනය වන අකාරය පිළිබඳ ප්බැහ්රැඩ්ල්ිලි කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක මහත්මිය,

මෙය බැක්ටිරියා මගින් ඇති වන රෝගයක්. මේක ව්‍යාප්ත වෙන්නේ සෙම සහ කෙළ මගින්. සමීපතමයන් අතර තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ප්‍රජාව අතර ව්‍යාප්ත වෙනවාට වඩා නිවැසියන් අතර ව්‍යාප්තිය වැඩි. ඉතාම සමීප ඇසුරක් තිබෙන අයට තමයි ව්‍යාප්ත වෙන්නේ. රෝග ලක්ෂණ ගත්තොත් මෙනින්ජයිටීස් කියන්නේ සංකූලතාවයක්. ඊට අමතරව නියුමෝනියා සහ සෙප්සීස් කියන සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපේ රටේ මේකේ කාණ්ඩ පරීක්ෂා කරලා තියෙනවා. මෙහෙ තියෙන්නේ B සහ C යන වර්ග දෙක පමණයි. ඒක වසංගත රෝගයක් ලෙස පැතිරෙන්නේ නැති ලංකාවේ ආවේනික රෝගයක් විදියට තමයි යන්නේ.”

යැයි විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...