*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

අද ක්‍රිකට් ලෝකයම ලංකාව දෙස බලා ඉන්න දවසක්

ලෝකයේ වැඩිම ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹන්නේ ඉන්දියාව සහ පකිස්තානය අතර ක්‍රිකට් තරගයි.මේක ඇත්තක්.දෙරට ක්‍රිකට් ලෝලීන් ගේ උන්මාදනීය ක්‍රිකට් ප්‍රේමය මෙන්ම දේශපාලනික වශයෙන් දෙරට අතර තිබෙන අරියාදුකම් ද මේ විශාල ප්‍රේක්ෂකාගාරය නිර්මාණය වීමට බලපානවා.එ නිසාම ඉන්දියාව සහ පකිස්තානය අතර ජය පරාජය පන්දුවයි පිත්තයි අතර සාමාන්‍ය ජය පරාජයක් නොවන මහා විශාල ජන සංඛ්‍යාවකට ජයග්‍රහණය පිළිබඳ මහා ආඩම්බරයක් සහ සතුටක් දනවන මෙන්ම තවත් පිරිසකට ඒ හා සමාන පරාජය සම්බන්ධයෙන් කණස්සල්ලක් සහ කම්පාවක් දනවන දෙයක් වෙනවා.
මේ දිගුව පිට්ටනියකට එහා තැනෙක ස්ථාපිත වෙන දෙයක් නිසාම මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වයේ තනි හිමිකම පකිස්තානයෙන් ගිලිහෙනවා.හේතුව ඉන්දියාව පකිස්තානයේ ක්‍රීඩා කරන්නට අකමැති වීමයි.එහිදී ඉන්දියාවට බැරිනම් කුද ගහගන්න කියා තරගාවලිය පැවත්වීමට යාමට තිබුණ ඉඩ වහන්නෙ ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් පරිපාලනය තුළ අත්කර ගෙන තිබෙන දැවන්ත ආධිපත්‍යය විතරක් ද? හුඟ දෙනෙක්ට පෙනෙන මේ ආධිපත්‍යයේ කතාව බොරුවක්ම නොවුණත් පකිස්තානයට ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියයට සියයක්ම එකඟ වෙන්න පුළුවන් ද කියන ගැටළුවත් තියෙනවා.
ක්‍රිකට් හෝ වෙන කුමන හෝ කීර්තියක් අත් කර දීම දකුණු ආසියාවේ දේශපාලන බල ව්‍යපෘතිවලට අදාළ නොවන බව අපි දන්නවා.ඒ ගැන හොඳම ඉඟිය ඉම්රාන් ඛාන් ට එරට පොලිසියෙන් ලැබුණු සැළකිලි ගැන කියැවෙන ඇස් ඉදිමුණු ඡායාරූප.එසේම ලංකාවට ලෝක කුසලානය ගෙන ඒමට මුල් වූ අර්ජුන රණතුංග මීට පෙර මහින්ද රාජපක්ෂ දේශපාලන කඳවුරේ භාවිතාවන් ඇසුරේ ඉම්රාන්ට වඩා දරුණු ඉරණමකින් ගැල වුණේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදි යි.ඉම්රාන් දේශපාලන දහරාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය කරන්නට ගත් උත්සාහයක් අභිමුව මේ ඉරණමට මුහුණ දුන්නද අර්ජුන මේ වන විට ගලා යන අතට පිහිනීමේ තත්ත්වයක් තුළ ආරක්ෂිත සහ වගකීම් දරණ මහජන නියෝජිතත්වයට සමාන සිවිල් බලයක් දේශපාලනය තුළ අත් කරගෙන සිටිනවා.
ඒ අතුරු කතාවෙන් පසුව පකිස්තානය තුන්වන ලෝකයේ මුග්ධ දේශාපාලනය සටහන් වන ගෝත්‍රික සමාජ පසුබිම තුළ මතුවන වියරු බෙදීම් හරහා වන නැසීම්වල දර්ශි භූමියක් බව පැහැදිළියි.බෙදීම් නිසා විනාශ වී යන බැදීම් සහ අසමානතා විසින් උපදවන වියරුව වරක් පකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජිවිත ද උදුරා ගන්නට උත්සාහ කළා.
ඉනික්බිති ලෝක ක්‍රිකට් ප්‍රජාවට තහනම් බිමක් වූ පකිස්තානයට යළි ඇතුල්වීමේ අභියෝගයට මුහුණ දුන්නෙත් ශ්‍රී ලංකාවයි.ඒ වන විට ලෝක්යේ අංක එකට ශ්‍රේණිගතව සිටි විස්සයි විස්ස කණ්ඩායම වූ පකිස්තානය පරාජය කරමින් දසුන් ශානකගේ නායකත්වය ශ්‍රී ලංකා නායකත්වය සඳහා කළ එළි බසින්නේ ද මේ සංචාරය තුළයි.එමෙන්ම තරගාවලියේ වීරයා වෙමින් වනිදු හසරංග අරඹන ගමන ඇරඹෙන්නේත් මේ සංචාරය තුළයි.
ඒ නිසා ඉන්දියාවට එරෙහිවීමට වඩා පකිස්තානයට ඉන්දියාව යෝජනා කරන ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කිරීමේ අපහසුවක්ද තිබුණා.එසේම ශ්‍රී ලංකාවට මේ මොහොතේදී ඉන්දියාවට අවනතව ඒ වගකීම භාර නොගෙන සිටින්නට දේශපාලනික වශයෙන් ද නොහැකියාවක් තිබෙනවා.මේ සියලු කාරනා එක්ක අද දෙරටම අකමැති නැති ශ්‍රී ලංකාව දෙස වැඩිම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් බලා ඉන්න දවස උදා කරන්නට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඉන්දියානු සහ පකිස්තානු ක්‍රීඩකයින් පැමිණීමට නියමිතයි.
වර්ෂාව නාවොත් එ පැමිණිමේ විචිත්‍රත්වය සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී දායකත්වය ගැන ද බොහෝ දේ ලෝකයට අසන්නට දකින්නට අවස්ථාව උදා වෙනු ඇති.රටවල් දෙකක් පිටියට බැස්සට ලෝකයට රටවල් තුනක් පේන දවසක් හැටියට ඉන්දීය අවනත වීමට වඩා ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී සත්කාරය ගැන ලෝකය කතා කරන දවසක් බවට අද දවස පත් වේවි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan